හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටි සැවොම හොරුන් බවත් ඒ බව වගකීමෙන් යුතුව තමාට පැවසිය හැකි බවත් වර්තමාන ආණ්ඩුව තුළද එවැනි හොරුන් ස...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටි සැවොම හොරුන් බවත් ඒ බව වගකීමෙන් යුතුව තමාට පැවසිය හැකි බවත් වර්තමාන ආණ්ඩුව තුළද එවැනි හොරුන් සිටින බවත් වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අක්මීමන බල මණ්ඩල රැස්වීම අමතමිනි.
එහිදී අදහස් දැක්වූ මුතුහෙට්ටිගම මහතා, "ජී.එල්. පීරිස් නායකයෙක්ද? බැසිල් රාජපක්ෂ නායකයෙක්ද? පට්ටපල් ලෝක හොරු. හිටපු ජනාධිපතිතුමා වටේ හිටපු ඔක්කොම හොරු. මා වගකීමෙන් කියනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේ අපි එතන රැදිලා හිටියේ මහින්ද රාජපක්ෂ තුල තිබු හොද ගුණාංග නිසා විතරයි. වටවෙලා හිටියේ ඔක්කොම හොරු. අද මේ ආණ්ඩුවේ එහෙම නැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා දෑත් පිරිසිදු නායකයෙක්. නමුත් මේ ආණ්ඩුවත් එච්චර හොද නැහැ. මේ ආණ්ඩුව හොදම ආණ්ඩුව නෙවෙයි. මේ ආණ්ඩුවේ හොද කට්ටියකුත් ඉන්නවා. නරක කට්ටියකුත් ඉන්නවා.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට පිංසිද්ධ වෙන්න තමයි මේ ආණ්ඩුව පරිස්සමෙන් ගෙනියන්නේ. එතුමාගේ තියෙන ශ්‍රේෂ්ඨ පරිපාලන දක්ෂතාවය නිසා. එතුමාට හිනමානයක් මාන්නක්කාරකමක් නැහැ. මහින්ද රාපක්ෂ හිටපු ජනාධිපතිතුමාට අපි ආදරය කළා. ඒ ආදරය නැති කරගන්න එපා. අපිත් එක්කම ඉන්න කියලා මා ආරාධනා කරනවා.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට පක්ෂය භාර දුන්නේ අපිත් එක්ක. අපට කිව්වා දැන් ආණ්ඩුවත් එක්ක ඉන්න. පාක්ෂිකයින්ගේ ගැටළු විසදාගන්න කියලා. පසුගිය මහමැතිවරණයේදි මහින්ද රාජපක්ෂ මහත්තයාත් තරග කළේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් නාම යෝජනා අරගෙන. මහින්ද මහත්තයාට හොදයි මෛත්‍රි ජනාධිපතිතුමාගෙන් කාඩ් එක අරගෙන තරඟ කරන්න අපට හොද නැහැ.
ශ්‍රිලනිපය කඩන්න බැහැ. කැඩෙන්නේ නැහැ. කවුද ඉන්න නායකයෝ. ඉදිරි පළාත් පාලන මැතිවරණයට අපි සුදානම් වෙමු. ගම්වලට ගොස් පක්ෂය සංවිධානය කරමු. ගම්වල ඉන්න අහිංසක ජනතාව මේවා ගැන දන්නේ නැහැ. විමල් විරවංශයි, උදයගම්මන්පිලයි කියන එවා විතරයි දන්නේ. දිනේෂ්, වාසු කියන්නේ බොරු. ශ්‍රිලනිප ආණ්ඩුවක් පිහිටුවිම වැඩි ඈතක නැහැ. ගමේ අය දන්නේ නැහැ අපි මොකක්ද කරන්නේ කියලා" යනුවෙන් කියාසිටියේය.
ගාල්ල - ලලිත් චාමින්ද
COMMENTS