දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඊ මේල් සොයාගත් කොලුවා-අද කාටත් මතක නැතී!

ඔහු ශිවා අයියදුරෙයි ය. වයස අවුරුදු 7 දී සිය දෙමාපියන් ද සමග ඇමරිකාව බලා ගිය මේ කොලුවා, වයස අවුරුදු 14 දී ඊ මේල් ක්‍රමවේදයට අදාළ මෘදුකාංගය...

ඊ මේල් සොයාගත් කොලුවා-අද කාටත් මතක නැතී!

ඔහු ශිවා අයියදුරෙයි ය. වයස අවුරුදු 7 දී සිය දෙමාපියන් ද සමග ඇමරිකාව බලා ගිය මේ කොලුවා, වයස අවුරුදු 14 දී ඊ මේල් ක්‍රමවේදයට අදාළ මෘදුකාංගය තනිව නිර්මාණය කළේය. නමුත් ඒ කාලයේ පේටන්ට් බලපත්‍ර තිබුණේ නැත. සිය මෘදුකාංගය සඳහා කොපිරයිට් අවසරයක් ලබන්නට නීතියෙන් ඉඩක් තිබුණේ නැත. ඇමරිකානු රජය මෘදුකාංගවල කොපිරයිට් අයිතිය අන්තර්ගත කරමින් බුද්ධිමය දේපළ පනතට සංශෝධනයක් එක් කළේ එයට දෙවසරකට පසු ය. එයින් පසු ශිවා 1981 වසරේදී කොපිරයිට් අයිතිය සඳහා ඉල්ලුම් කළේය. 1982 වසරේදී එය ලබාගත්තේය.

මේ කොලුවා මේ සොයාගැනීම කළේ නිව්ජර්සි ජනපදයේ මෙඩිසින් ඇන්ඩ් ඩෙන්ටිස්ට්‍රි සරසවියේ පර්යේෂණයක කොටසක් වශයෙනි. ඔහුට අරමුදල් තිබුණේ නැත. ඉතා සීමිත මුදල් ප්‍රමාණයක් පමණක් සමස්ත පර්යේෂණය සඳහා වෙන් කර තිබියදී ඔහු මෙම මෘදුකාංගය විකසනය සඳහා දිවා රෑ ත්‍නාබලා මහන්සි විය. ඔහුට තිබූ ලොකුම හයිය වූයේ පවුලෙන් ලද ධෛර්යයයි.

මේ කතාව ඇරඹෙන්නේ නිව්යෝක් සරසවියේ විශේෂ පරිගණක විද්‍යා වැඩසටහනක් සඳහා ශිවා සහභාගි වීමෙනි. එම වැඩසටහන සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ආචාර්ය ලෙස්ලි මයිකල්සන් වෙත ඔහුව හඳුන්වා දුන්නේ පවුලේ මිතුරෙක් විසිනි. මේ ළාබාල පරිගණක විශේෂඥයාගේ හැකියාව මනාව වටහාගත් ආචාර්යවරයා, ඔහුට පර්යේෂණ සහකාර තනතුරක් ලබාදුන්නේ එතෙක් සරසවියේ භාවිත වූ කඩදාසි ලියුම් ක්‍රමය, ඉලෙක්ට්‍රොනික ආකෘතියකට මාරු කිරීමේ භාරදූර කාර්යය භාර දුන්නේය. ඔහු පාසලේ විශේෂ අවසරය ඇතිව පාසල් පැය ගණන්වලදී ද සරසවියට ගියේය. ෆෝට්‍රාන් නමැති පරිගණක භාෂාව පාවිච්චි කරමින් ඔහු ඒ විස්කම කළේය. යතුරු ලේඛකයන්ගේ පැය ගණන් කාලය ඉතිරි කරමින් නියුමැටික් ටියුබ් හරහා විද්‍යුත් ලිපි සංසරණය වන්නට පටන් ගත්තේය. 1981 වසරේදී නොබෙල් ත්‍යාගයේ ළදරු අවධිය වශයෙන් උගතුන් විසින් සැලකූ ‘වෙස්ටිංහවුස් සයන්ස් ටැලන්ට් සර්ච් ඔනර්’ නමැති ගෞරවය ඔහු වෙත පුද කෙරුණේ මේ සේවාව අගයමිනි.

ශිවා අයියදුරෙයි නොකඩවා සිය මොළයෙන් වැඩ ගත්තේය. ඔහු අද වන විට උපාධි හතරක හිමිකරුවෙකි. ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පීඑච්ඩී උපාධියක් ද ඒ අතර වෙයි. ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභියෙක් ද වන ඔහු, 2018 ඇමරිකානු සෙනෙට් සභාවේ මැසචුසෙට්ස් ජනපද අපේක්ෂකයා වශයෙන් දේශපාලනයට පිවිසීමට අදහස් කරගෙන සිටියි.

අද වන විට එක තත්පරයකට ලොව පුරා ඊ මේල් බිලියන 205 ක් බැගින් සංසරණය වෙයි. ඒ අනුව දිනක් තුළ සයිබර් අවකාශයේ හුවමාරු වන ඊ මේල් ප්‍රමාණය බිලියන 274 කි. නමුත් ශිවා අයියදුරෙයිගේ නාමය කොතැනක හෝ ඊ මේල් සොයාගත් නව නිපැයුම්කරු වශයෙන් සඳහන් වේද? නැත.!!

ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය එකහෙළා කියා සිටින්නේ ඊ මේල් වශයෙන් ඔහු සඳහන් කරන දෙය, එයට වසර 10කට පෙර ඇමරිකානු පරිගණක වැඩසටහන්කරුවෙකු වූ රේමන්ඩ් සැමුවෙල් ‘රේ’ ටොම්ලින්සන් විසින් සොයාගෙන තිබූ බවයි. 1971 වසරේදී ඔහු විසින් පරිගණක දෙකක් අතර ප්‍රථම වතාවට විද්‍යත් ක්‍රමයෙන් ලේඛනයක් යැවූ බවයි. අවසානයේ ශිවා අයියදුරේ සිය කේත වැඩසටහන සම්බන්ධ සියලු ලේඛන ඇමරිකාවේ ස්මිත්සෝනියන් කෞතුකාගාරයට පරිත්‍යාග කළේය. ඊ මේල් සොයාගත් ඉන්දියානු කොලුවාගේ පරිශ්‍රමය කටුගෙට ගියේ ඒ අන්දමිනි.

“ඊමේල් පිළිබඳ අයිතිය කියාපාන්නට යාම තුළින් මා වංචාකාරයෙකු ලෙස හංවඩු ගැසුණා” යැයි පසුකාලීනව ශිවා මහත් වේදනාවෙන් යුතුව කියා සිටියේය. මේ ලෝකයේ දෙතැනක එකිනෙකට වෙනස් ස්වාධීන පර්යේෂණවලින් එකම කාරණයක් පිළිබඳ වෙනස් සොයාගැනීම් දෙකක් කරන්නට ඉඩක් නැතිද? ඒ සඳහා පිළිගැනීමක් ලබන්නට අයිතියක් නැතිද? කෙසේ නමුත් ජාත්‍යන්තර ටයිම් සඟරාව 2011 වසරේදී එක් ටයිම් සඟරා කලාපයක මුල් පිටුව සරසන්නේ ඔහුගේ රුවිනි. එහි මාතෘකාව මෙසේ ය. “ඊ මේල් සොයාගත් මිනිසා”...!!

-අමාලි ජයවීර

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28555,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඊ මේල් සොයාගත් කොලුවා-අද කාටත් මතක නැතී!
ඊ මේල් සොයාගත් කොලුවා-අද කාටත් මතක නැතී!
http://ift.tt/2vx6lI8
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_809.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_809.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy