විශේෂයෙන් ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා නොකරමින් තනි තීන්දු ගැනීම මේ වන විට අර්බුදයක් දක්වා තීව්රය වී ඇත...
විශේෂයෙන් ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා නොකරමින් තනි තීන්දු ගැනීම මේ වන විට අර්බුදයක් දක්වා තීව්රය වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය කාලයේ පැවැත්වූ ඇතැම් සම්මන්ත්‍රන වලට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ආරාධනා නොකිරීම ද කැපී පෙනෙන කාරණයකි. රොෂාන් රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වීම මෙන් ම විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවෙන් ඉවත් වීම යන කරුණුවලට ද බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ ක්‍රියාකාරිත්වය බලපා ඇතැයි අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කරයි. කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ මේ ක්‍රියාකාරිත්වය ගෝඨාභය රාජපක්ෂගේ කිසිදු එකඟත්වයක් ලැබී නැත. හිටපු කථානායක චමල් රාජපක්ෂ ද එය අනුමත නොකර, බැසිල් රාජපක්ෂ සංවිධානය කරන රැස්වීම් මඟහරිමින් සිටින බවත් පෙන්වා දෙන අදාළ ආරංචි මාර්ග, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙතෙක් මේ සම්බන්ධයෙන් නිශ්චිත ස්ථාවරයක් නොපෙන්වමින් සිටින බව ද හෙළි වේ.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දැනුම් දී ඇති අතර, එහෙත් ඔහු පවසා ඇත්තේ කලබල නොවන ලෙස ය. මීට පෙර මෙවැනි කලකිරීම් සම්බන්ධයෙන් දැනුම් දීමෙන් පසු කංචන විජේසේකර මන්ත්‍රීවරයා ද ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් විය.
- පරාක්‍රම දිසානායක
COMMENTS