අද (10) කතානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සම්පාදනය කරන ලද ආචාරධර්ම පද්ධතියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ...
අද (10) කතානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සම්පාදනය කරන ලද ආචාරධර්ම පද්ධතියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ආචාරධර්ම පද්ධතියත් හඳුන්වාදිය යුතු බවට යෝජනා ඉදිරිපත් වී තිබිණි.
ඒ අනුව එම යෝජනා සැලකිල්ලට ගනිමින් කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීමේ කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන් වේ.
රජයේ නීති කෙටුම්පත් සම්පාදක විසින් මෙම ආචාරධර්ම පද්ධතිය සකස් කර ඇති බව කතානායක කාර්යාලය ප්‍රකාශ කළේය.
මෙම ආචාරධර්ම පද්ධතිය රජයේ නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කිරීමෙන් අනතුරුව ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව විසින් සලකා බලන බව වාර්තා වේ.
ඒ අනුව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන මෙම ආචාරධර්ම පද්ධතිය ලබන ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් සම්මත කරගැනීමට නියමිතය.
COMMENTS