දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගල් අඟුරු ටෙන්ඩරය සුවිස් සිංගප්පුරු සමාගමට - විගණන වාර්තාව ලබන සතියේ
Homeප්‍රවෘත්ති

ගල් අඟුරු ටෙන්ඩරය සුවිස් සිංගප්පුරු සමාගමට - විගණන වාර්තාව ලබන සතියේ

PropellerAds

නොරච්චෝල විදුලි බලගාරය සදහා ගල් අඟුරු මිලදී ගැනීමට සදහා කැදවා තිබූ කුප්‍රකට ‘ශ්‍රේෂ්ඨාධිකරණයේ හදවත කම්පනය‘ කළ ටෙන්ඩරය නැවත අදාළ සමාගම වෙතම...

මහජන දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ඔම්බුඩ්ස්මන් ඒකකයක් විපක්‍ෂ නායක කාර්යාලයේ !
මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක කරන්න පොහොට්ටුව දැඩිව විරුද්ද වේ !
මුස්ලිම් ඇමතිලාගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ ඇමතිකම්වල දිවුරන්න පොරයක් !
ගල් අඟුරු ටෙන්ඩරය සුවිස් සිංගප්පුරු සමාගමට - විගණන වාර්තාව ලබන සතියේ

නොරච්චෝල විදුලි බලගාරය සදහා ගල් අඟුරු මිලදී ගැනීමට සදහා කැදවා තිබූ කුප්‍රකට ‘ශ්‍රේෂ්ඨාධිකරණයේ හදවත කම්පනය‘ කළ ටෙන්ඩරය නැවත අදාළ සමාගම වෙතම ලබා දෙන ලෙස කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇතැයි  දුෂණ විරෝධී පෙරමුණ අවධාරණය කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගැණුනු නඩු අංක SCFR394/2015 යටතේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල හ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය මෙම නඩුව මහජන මුදල් සම්බන්ධයෙන් වන නිරීක්ෂණයක් ලෙස සදහන් කළේ ‘ශ්‍රේෂ්ඨාධිකරණයේ හදවත කම්පා කළ බව‘එම පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබේ.

ස්විස් සිංගප්පූර් සමාගමට ටෙන්ඩරය පිරිනැමීම සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කමිටුව කැබිනට් මණ්ඩලය නොමග යවා ඇති බව නඩු තීන්දුවේ දැක්වේ. එසේ තිබිය දී,  වත්මන් ගල් අඟුරු වෙළෙදපොලේ මිලට වඩා 11%ක් වැඩිපුර මිලකට නොරච්චෝල වෙත ගල් අගුරු මිලදී ගැනීම සදහා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා තිබුණි.  කෙසේ නමුත්, කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේ දී පවා අදාළ ටෙන්ඩරය ප්‍රශ්නකාරී සමාගමට ප්‍රධානය කළ බව නිවේදනය කරනු නොලැබීය. 

අදාළ ටෙන්ඩරය මගින් රටට දැවැන්ත මුල්‍ය පාඩුවක් සිදුවන බව පවසා මාධ්‍යවේදී සුභාෂ් ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට (SCFR 349/2016) පෙත්සමක් ගොඩු කොට ඇත. එය 2016-11-16 දින සලකා බැලීමට නියමිතය.  

දුෂණ විරෝධී පෙරමුණ 2016 සැප්. 23 දින අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට මේ පිළිබද පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත. එසේ තිබිය දී,  ගල් අගුරු ටෙන්ඩරයේ නොමැති කොන්දේසි ඉදිරිපත් කරමින් නැවත ගල් අගුරු මිලදී ගැනීම සිදුවන්නේ නම් එමගින් රටට බිලියන 2 ක ට ආසන්න පාඩුවක් සිදු විය හැකිය. 

කැබිනට් තීරණය

2016-11-01 දින රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ස්විස් සිංගප්පූර් සමාගමෙන් 2017-04-30 දින දක්වා ගල් අගුරු මිලදී ගැනීමට තීරණය කර ඇත. 

මහින්ද රාජපක්ෂ රජය යටතේ ගල් අගුරු මිලදී ගැනීමෙන් ලබා ගත් කොමිස් මුදල් උපයෝගි කොට ගෙන චන්ද්‍රිකා ගුවන්ගත කිරීම, මාධ්‍ය ආයතන මිල දී ගැනීම පිළිබද චෝදනා කළ යහපාලන රජය යටතේ සිදු වූ දැවැන්තම ටෙන්ඩර් මගඩිය ‘ගල් අගුරු ටෙන්ඩරය‘ යි.  

රටට සිදුවන පාඩුවේ ස්වාභාවය පරිමාව 

ස්විස් සිංගප්පූර් සමාගමෙන් ගල් අගුරු මිලදී ගනු ලබන්නේ මිල සූත්‍රයක් පදනම් කර ගනිමිනි. 

එනම්, 58÷51.85 × අදාල මාසයේ දර්ශක මිල  යන සූත්‍රයයි. 58 යනු ස්විස් සිංගප්පූර් සමාගම 2015 සැප්තැම්බරයේ ගල් අගුරු ටොන් 1ක් ලබාදීමට එකග වූ මිල යි. 51.85 යනු 2015 සැප්තැම්බරයේ දර්ශක මිලයි. මේ දෙක තේරුම් ගන්නා ඕනෑම අයකුට පැහැදිලිවන කාරණයක් ඇත. එනම් දර්ශක මිල 51.85 ට පවතිද්දී 58 බැගින් ස්විස් සමාගමෙන් මිලදී ගන්නේ යැයි පදනමකට එන්නේ  ඇයි ද යන්නයි. 58 , 51.85 න් බෙදු විට 1.17 ක පමණ අගයක් ගනියි. එය දර්ශක මිලෙන් වැඩිවූ විට නිතැනින්ම දර්ශක මිලට වඩා 1.17 ක පමණ වැඩි අගයක් ගනියි. 

එහෙත් ක්ෂණික මිලදී ගැනීම් ක්‍රමය යටතේ ගල් අගුරු මිලදී ගැනීමේදී දර්ශක මිලට වඩා අඩු මිලකට බොහෝ අවස්ථාවල ගල් අගුරු මිලදී ගෙන ඇත.

ස්පොට් ටෙන්ඩර් ක්‍රමය යටතේ සිදු කළ මිලදී ගැනීම් මගින් ලංකා රජයට සිදුවී ඇති ලාභය මෙසේය.

විදුලිබල හා බලශක්ති අමත්‍යාංශය විසින් ස්විස් සිංගප්පූර් සමාගමෙන් ගල් අගුරු ටොන් මිලියන 11ක් පමණ මිලදී ගැනීමට නියමිතය. 

අවසන් වරට ක්ෂනික මිලදී ගැනීම් යටතේ ගල් අගුරු මිලදී ගෙන ඇත්තේ ටොන් 1, ඇ.ඩො. 90.60 බැගිනි. එවිට දර්ශක මිල පැවතී ඇත්තේ 83.04 හිය. එය ස්විස් සමාගමේ මිල සූත්‍රයට අනුව ගැලපු විට මෙසේය (58÷51.85×83.04=92.88 ) ගැනීමට සිදුවන්නේ 92.88 බැගින්ය. ඒ අනුව පැහැදිලිවන්නේ ඇ.ඩො.  2.28 ක්  ටොන් එකකින් පාඩුවන බවයි. එය ලක්ෂ 11 ක් මිලදී ගැනීමේදී ඇ.ඩො. ලක්ෂ 25කි. රුපියල්නම් මිලියන 368.67 කි.

රජිත් කීර්ති තෙන්නකෝන්

උපදේශක  - දුෂණ විරෝධී පෙරමුණ              

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29288,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගල් අඟුරු ටෙන්ඩරය සුවිස් සිංගප්පුරු සමාගමට - විගණන වාර්තාව ලබන සතියේ
ගල් අඟුරු ටෙන්ඩරය සුවිස් සිංගප්පුරු සමාගමට - විගණන වාර්තාව ලබන සතියේ
http://ift.tt/2e7q38k
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy