දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇතැම් මූල්‍ය සමාගම් උතුරු වැසියන් උග්‍ර ණයකරුවන් කරලා
Homeප්‍රවෘත්ති

ඇතැම් මූල්‍ය සමාගම් උතුරු වැසියන් උග්‍ර ණයකරුවන් කරලා

PropellerAds

යුද්ධයෙන් පසුව එළඹි සාම කාලයේදී ඇතැම් මූල්‍ය සමාගම් උතුරු ප්‍රදේශයේ වැසියන්ගේ නිවෙස්වලටම පැමිණ ජනතාව මුලා කොට අධික පොලියට ණය ලබාදීම නිසා ජ...

ඉන්ධන මිල වැඩි කිරිමේ එකතුව 69යි.. එය ඉතා ලස්සන අංකයක් - චතුර අල්විස්
තෙරුවන් සරණයි රතන හිමියන්ට: මන්ත්‍රී කමෙන් අයින් වෙන්න - රෝගී හිමි නම රෝහලේ සිටම ඉල්ලයි - (video)
ණය කන්දක්! කෑමත් නැතිව GSPත් නැතිවෙලා රට ආයෙත් විනාස වෙන්නයි යන්නේ - (video)
ඇතැම් මූල්‍ය සමාගම් උතුරු වැසියන් උග්‍ර ණයකරුවන් කරලා

යුද්ධයෙන් පසුව එළඹි සාම කාලයේදී ඇතැම් මූල්‍ය සමාගම් උතුරු ප්‍රදේශයේ වැසියන්ගේ නිවෙස්වලටම පැමිණ ජනතාව මුලා කොට අධික පොලියට ණය ලබාදීම නිසා ජනතාව ණය බරින් මිරිකී සිටින බව උතුරු පළාතේ දේශපාලන නායකයින් පවසයි.

අධික පොලියකට ලබාගත් ණය මුදල්වල වාරික ගෙවාගැනීමට නොහැකිව මිනිසුන් සියදිවි හානිකර ගන්නා තත්ත්වයකට පත්ව සිටීම ඉතා සෝචනීය කාරණයක් බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා කියාසිටියේය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ 26 හැවිරිදි කාන්තාවක් සිය ණය මුදල ගෙවාගැනීමට නොහැකිව තමන්ගේ වයස දෙකහමාරක දරුවා ද සමග ඊයේ (03) අළුයම ළිදකට පැන සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

මියගොස් සිටි නාගනාදන් සුගන්දිනී නමැති කාන්තාවගේ ස්වාමිපුරුෂයා පොලීසියට ප්‍රකාශ කොට තිබුණේ නිවසටම පැමිණ එක්තරා මූල්‍ය සමාගමක් ඇයට රුපියල් 25000 ක ණය මුදලක් ලබාදුන් බවයි.

එහි ණය වාරිකය ගෙවාගැනීමට නොහැකිව ඇය දුකසේ කල් ගෙවූ බවද ඔහු පොලීසියට පවසා තිබුණි.

ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා තවදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ ජනතාව රවටවමින් ඔවුන්ට විවිධ දේ කියමින් මූල්‍ය සමාගම් උතුරු පළාතේ වැසියන්ට නිවෙස්වලටම පැමිණ අධික පොලියට ණය ලබාදීම නිසා ඔවුන් ණය බරින් මිරිකී සිටින බවයි.

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ සාමය එළඹීමත් සමගම මූල්‍ය ආයතන උතුරු හා නැගෙනහිර පළාත්වලට සිය ගණනින් පැමිණ පළාත ආක්‍රමණය කොට ඇති බවකි.

මියගිය දෙදෙනා වෙනුවෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය වූයේ මෙය සියදිවි හානිකර ගැනීමක් බවයි.

වවුනියාව පොලීසියේ උපදෙස් මත ඕමන්ත පොලීසිය විසින් සිද්ධිය පිළිබදව පරීක්ෂණ මෙහෙයවයි.

දිනසේන රතුගමගේ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇතැම් මූල්‍ය සමාගම් උතුරු වැසියන් උග්‍ර ණයකරුවන් කරලා
ඇතැම් මූල්‍ය සමාගම් උතුරු වැසියන් උග්‍ර ණයකරුවන් කරලා
http://ift.tt/2ekeqX6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_40.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_40.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy