අද (04) දින රැස්වෙන මුදල් මණ්ඩලය, රටේ සමස්ත මූල්‍ය ක්‍රමය කඩා නොවැටී ආරක්ෂා කර ගැනීමට නම් ප්‍රශ්න කිහිපයකට ඍජු පිළිතුරු ගණනාවක් දියයුතුව ඇ...
අද (04) දින රැස්වෙන මුදල් මණ්ඩලය, රටේ සමස්ත මූල්‍ය ක්‍රමය කඩා නොවැටී ආරක්ෂා කර ගැනීමට නම් ප්‍රශ්න කිහිපයකට ඍජු පිළිතුරු ගණනාවක් දියයුතුව ඇති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියාසිටියේ වගකීමෙන් තොරව රටත් ලෝකයත් නොමඟ යවන ප්‍රකාශ සිදුකිරීමෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කර ඇති හානියේ ප්‍රමාණය චීන තානාපතිවරයාගේ ප්‍රකාශවලින්ම හඳුනාගත හැකි බව පැවසීය.
වත්මන් දේශපාලන නායකයින්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව ලංකාවට අසාමාන්‍ය ලෙස උදව් කළ චීනයට එරෙහි පිලිවෙතක රජය සිටින බව පෙනෙන්නට ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේය.
වීඩියෝව පහතින්.
COMMENTS