මහවිරු දිනය සැමරීම සම්බන්ධයෙන් පියවර ගත හැක්කේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට හා පොලිසියට බවත් එය තමන්ගේ විෂය පථයට අයත් නොවන කාරණයක් බව...
මහවිරු දිනය සැමරීම සම්බන්ධයෙන් පියවර ගත හැක්කේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට හා පොලිසියට බවත් එය තමන්ගේ විෂය පථයට අයත් නොවන කාරණයක් බවත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.
ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා,"මහවිරු දිනය පිළිබඳව අපිට කිසිම කටයුත්තක් කරන්න නැත. එවන් යම්කිසි නීති විරෝධී කටයුත්තක් කරනවා නම්, කරලා තියෙනවා නම්, ඒ පිළිබඳව කටයුතු කිරීමේ අයිතිය සහ බලය තියෙන්නේ නීතිය සහ සාමය අමාත්‍යංශයට සහ පොලිස් දෙපාර්තමේන්තුවට. එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳව සැමරුමක් කළා නම් ඒක නීති විරෝධී කටයුත්තක්. ත්‍රිවිධ හමුදාවේ විෂය පථයට අයත් නොවේ. " යනුවෙන් කියාසිටියේය.
වීඩියෝව පහතින්.
COMMENTS