බන්ධනාගාර නියාමක තනතුරු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක වෙ...
බන්ධනාගාර නියාමක තනතුරු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක වෙනස්කම් සිදුවී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් (පාලන) තනතුර හෙබවූ වෙනුර ගුණවර්ධන මහතා, වැඩබලන අතිරේක බන්ධනාගාර කොමසාරීස් තනතුරට පත්ව ඇත. පාලන අංශයේ සේවය කළ බන්ධනාගාර අධිකාරි එමිල් රන්ජන් මහතා බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) තනතුරට උසස් කර ඇත.
බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) තනතුර හා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තනතුර හෙබවූ තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාර (පාලන) තනතුරට පත්කර ඇත. ඒ මහතා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ලෙස ඉදිරියටත් කටයුතු කෙරේ.
බන්ධනාගාර කොමසාරිස් (සුබසාධන) තනතුරේ සිටි ගාමිණී ජයසිංහ මහතා බන්ධනාගාර කොමසාරිස් (සැපයුම්) තනතුරටත්, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) තනතුරේ සිටි තිස්ස ජයසිංහ මහතා බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) තනතුරටත් පත්කර ඇත.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාගෙන් මෙම තනතුරු වෙනස්වීම් පිළිබඳව විමසූ විට පැවැසුවේ සේවා අවශ්‍යතාවය මත ස්ථාන මාරුවීම් සිදුකළ බවයි.
COMMENTS