මධ්‍යම කඳුකරයේ සිදු කෙරෙන උග්‍ර පාංශු හායනය නිසා ඉදිරියේදී ශ්‍රී ලංකාවද ඉතියෝපියාවක් බවට පත් වීමේ සම්භාවිතාවක් මතුව ඇතැයි සබරගමුව විශ්වවිද...
මධ්‍යම කඳුකරයේ සිදු කෙරෙන උග්‍ර පාංශු හායනය නිසා ඉදිරියේදී ශ්‍රී ලංකාවද ඉතියෝපියාවක් බවට පත් වීමේ සම්භාවිතාවක් මතුව ඇතැයි සබරගමුව විශ්වවිද්‍යාලයේ පාරිසරික විද්‍යාව මහාචාර්ය පී.අයි. යාපා මහතා සඳහන් කරයි.
ඉදිරි දශක 2-3ක් ඇතුළත පාංශු හායනය වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කළ යුතු බවද දෙල්තොට පීටර් ඩන්කන් පදනම සංවිධානය කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨයේ පැවැති වැඩමුළුවකදී මහාචර්යවරයා මේ බව පැවසීය.
මෙය ශ්‍රී ලංකාවට පහසුවෙන් කළ හැකි බවත්, චීනය මේවනවිටත් කාන්තාර හරිතකරණ වැඩපිළිවෙළ සාර්ථකව ඉටු කර ලෝක හරිතකරණ වැඩපිළිවෙළට හොඳ ප්‍රවේශයක් තනා දී ඇති බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
වහාම මෙරට බලධාරීන් පාංශු විද්‍යාඥයන්ගේ සහාය ඇතිව කඳුකර පාංශු සංරක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කළ යුතු බව අවධාරණය කරන මහාචාර්යවරයා පාංශු හායනය වර්ධනය වී ඇති නිසා ජලය රඳවාගැනීම සිදුනොවීමෙන් වැඩි වශයෙන් නියං කාල උදාවන බවද පෙන්වා දුන්නේය.
කඳුකරයේ පාංශු හායනය වැළැක්වීමට නැවත වන වගාව ආරම්භ කළ යුතු බවත්, ඒ සඳහා දේශීය ශාක හා ආවේණික ශාක පමණක් යොදාගත යුතු බවත් පෙන්වාදෙන මහාචර්යවරයා වෙනත් ආනයනික ශාක යොදාගැනීම හරහා තවත් පාරිසරික අර්බුද නිර්මාණය විය හැකි බවද පැවසීය.
COMMENTS