තමන් පත්කළ මහ බැංකුවේ අධිපතිවරයා සම්බන්ධයෙන් බැඳුම්කර චෝදනා එල්ලවූ බවත් රාජපක්ෂ රෙජීමය ප්‍රශ්න හා ගැටලු වසන් කළ ආකාරයට යහපාලන ආණ්ඩුව එසේ න...
තමන් පත්කළ මහ බැංකුවේ අධිපතිවරයා සම්බන්ධයෙන් බැඳුම්කර චෝදනා එල්ලවූ බවත් රාජපක්ෂ රෙජීමය ප්‍රශ්න හා ගැටලු වසන් කළ ආකාරයට යහපාලන ආණ්ඩුව එසේ නොකරන බවත් තමන්ට එල්ලවූ චෝදනා පළමුව විභාගයට ගැනීමට තමා කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන සංවිධායක ධූරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙත පිරිනැමීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා," ලංකාවේ දේශපාලන පළිගැනීමක් පෙන්නන්න ඕනි නම්, මේක තමයි හොඳම අවස්ථාව. මේවා විභාග කරන්න ඉස්සෙල්ලා චෝදනාවක් ආවා මම පත්කරපු අලුත් මහ බැංකු අධිපතිතුමා ගැන. එහිදී පෙන්වාදුන්නේ බැඳුම්කර ගැන තිබුණු චෝදනාව. දැන් රාජපක්ෂ රෙජීමය හිටියනම් මොකක්ද කරන්නේ, එහෙනම් අර ඔක්කොම දාලා මේක යටපත් කරනවා. වහලා දානවා. සිමෙන්ති දානවා. ඒක අහන්න මිනිහෙක් එනවා නම්, එක්නැලිගොඩ වගේ කොහෙටහරි ගිහින් දානවා. එතකොට කව්රුවත් ප්‍රශ්න අහන්නේ නෑ. අපි තීරණය කළා. නෑ. ඉස්සෙල්ලා අපි යහපාලන ආණ්ඩුවක් හැටියට අපිට තියෙන පළවෙනි එක අපි විභාග කරනවා කියලා" යනුවෙන් කියාසිටියේය.
වීඩියෝව පහතින්
COMMENTS