දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වෙළෙඳ ඇමති බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය ගත්තෙ ජා ඇල කූල් රූම් හිමි ඥාති වරිගය සනසන්න…
Homeප්‍රවෘත්ති

වෙළෙඳ ඇමති බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය ගත්තෙ ජා ඇල කූල් රූම් හිමි ඥාති වරිගය සනසන්න…

PropellerAds

කෘෂිකර්ම ඇමතිවරයා, පශු සම්පත් ඇමතිවරයා එරෙහි වෙද්දී රටින් බිත්තර ගෙන්වීම සඳහා වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු විසින් තනිව මැදිහත් වී ලබා ගත් ක...

ශ්‍රි ලංකා ක්‍රිකට් ලොක්කන් කෝටි ගනනක් වංචා කර හොර ගිනුම් වලට මුදල් යවලා.. මුල්‍ය ප්‍රධානියාගේ වැඩ තහනම්.. කෝප් කමිටුවේදී හෙලි වේ
එජාප-ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් පොහොට්ටුවට එක්වන්න යයි
අටමස්ථානය, දඹුළු විහාරය ප‍්‍රයිවට්.. ලැබෙන ආදායම කාටවත් දෙන්නේ නෑ - දඹර හිමි
කෘෂිකර්ම ඇමතිවරයා, පශු සම්පත් ඇමතිවරයා එරෙහි වෙද්දී රටින් බිත්තර ගෙන්වීම සඳහා වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු විසින් තනිව මැදිහත් වී ලබා ගත් කැබිනට් අනුමැතිය ඇත්තේ ඔහුගේ කූල් රූම් සහිත ජා ඇල ඥාතීන් සන්තර්පනය කිරීම පමණක් බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක යලිත් අවධාරණය කරයි.

ඇමතිවරයා සිය ඥාති සංග්‍රහය කරනුයේ වයඹ පළාත අතුළු මේ රටේ සමස්ථ කුකුළු ගොවිපල කර්මාන්තයම බිල්ලට තබා කුරුළු උණ අනතුරත් රටට විවෘත කරමින් බව සභාපතිවරයා පවසයි.

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දුගේ මැදිහත් වීමෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙමින් වෙළෙඳපොළේ බිත්තර මිල පාලනය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව පළවීමත් සමග සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය මෙම ප්‍රකාශය සිදු කළේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක මෙසේ ද පැවසුවේය.

අපි කිව්වා මේ ජනවාරි අන්තිම වෙනකොට රුපියල් 45 දක්වා බිත්තරය පහළ යනවා කියලා. මේ විශාල මිල වැඩිවීම් මවා පෑමක්.  අපිටත් තේරෙන්නෙ නෑ ඇයි මේතරම් මිල ඉහළ යන්නෙ කියලා.  තවමත් මේ රටේ සියයට 25ක් 30ක් රුපියල් 55ට අඩුවෙන් බිත්තර විකුණනවා. හෙට සිට සෑම ආර්ථික මධ්‍යස්ථානයකටම රුපියල් 53 ගානෙ බිත්තර ලබා දෙන්න අපි වැඩපිලිවෙළක් හදලා තිබුනෙ. ඒ අයට රුපියල් 55 ගානෙ ජනතාවට විකුණන්න.

ඒ විදිහෙ වැඩපිළිවෙළක් කෘෂිකර්ම ඇමතිවරයාගේත් උපදෙස් මත සිදුවෙමින් තිබුණා. ඒ අතරෙයි මේ කැබිනට් අනුමැතිය ලැබෙන්නෙ.

දෙයියන්ගෙ පිහිටෙන් මේ රටේ කුරුළු උණ නෑ. නමුත් ඉන්දියාවෙ හැම තැනම කුරුළු උණ. අපට ලේයර් කිකිළි පැටියෙක් ගෙන්න ගන්න පුලුවන් බ්‍රසීලයෙන් ප්‍රංශයෙන් විතරයි. එහෙම තියාගෙන මේ අය බිත්තර ගෙන්වන රට ගැන අපි සැලකිලිමත් වෙන්න අවශ්‍යයයි. මේ ගේන්නෙ ඉන්දියාවෙන් නම් රට බරපතල අනතුරකට යළි විවෘත වෙනවා. ඒ අනතුරට රට විවෘත උනොත් ඒ වගකීම සම්පූර්ණයෙන් වෙළඳ ඇමති ගත යුතුයි.

අනිත් එක මේ බිත්තර ගේන්නෙ උත්සව සමය පහුවෙලා . වැටිලා තිබුණු ග්‍රාමීය ගොවීන්ගෙ කර්මාන්තය යළි ගොඩ නැගෙන කාලෙදි. දැන් බොහෝ ගොවීන්ගෙ පැටවුන්ට මාස එක හමාරයි. දෙකයි. පැටවු 1000ක් හදන්න ලක්ෂ විස්සක් විතර වියදම් කළ මනුස්සයෙක්ගෙ නිශ්පාදනය වෙළෙඳපලට එන කාලෙදි මේ විදිහට බිත්තර ගෙනාවම ඒ මිනිස්සුන්ට මොකද වෙන්නෙ. දහයියා ටික, හාල් කුඩු ටික, ඉඳලා වයඹ ගොඩාක් මිනිස්සුන්ගෙ ව්‍යාපාර නැතිවෙලා පාරට වට්ටන තීන්දුව තමයි වෙළෙද ඇමතිට අද කැබිනට් එකෙන් ලැබුණෙ.

මේ රටට මොනවා හෝ කර්මාන්තයක් අවශ්‍ය කාලයක්.  එහෙම තියෙද්දියි මේ මිනිස්සු රටට මේ විනාශය කරන්නෙ.  මෙතනින් පස්සේ රටේ සුළු පරිමාණ නෙමෙයි මධ්‍ය පරිමාණ නිශ්පාදකයෙකුටවත් ඉන්න වෙන්නෙ නෑ. මහා පරිමාණ බිත්තර නිශ්පාදකයො කීප දෙනෙක් ඉතිරි වේවි. ප්‍රතිඵලය එයයි.

යළිත් කියනවා… උත්සව අවස්ථාව පන්නලා ගේන මේ බිත්තර යන්නෙ ජා ඇල ඉන්න ඇමතිගෙ ඥාතීන්ගෙ කූල් රූම්වලට. මේ ඇමතිගෙ වටේ තමයි කූල් රූම් කාරයො ටික ඉන්නෙ.

මේ බිත්තර ගෙන්නලා මෙයාලා වැඩි ප්‍රමාණයක් කූල් රූම්වල දාගෙන අවුරුදු වෙනකම් ඉන්නවා. බිත්තර ගේන්නෙ නෑ. ස්ටොක් කරන් ඉඳලා සීසන් එක එද්දි මෙයාලම ගණන් වැඩි කරනවා. මේ වෙළෙඳ ඇමතිට  රටේ සල්ලි කාබානිසිය කරලා බිත්තර ගෙන්වීමේ අතීත අත්දැකීම් තියනවා. ඔහු  සතොස සභාපති ඉන්න කාලෙදි   සතොස හරහා මේ වැඩේ කරලා රටට විශාල පාඩුවක් කළා.

ඔහුම යළි මේ බිත්තර කෙළිය අලුත් වටයකින් ආරම්භ කරලා තියෙන්නෙ අවුරුදු 10කට පස්සෙ.

කීර්ති ප්‍රනාන්දු
- lankasara
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෙළෙඳ ඇමති බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය ගත්තෙ ජා ඇල කූල් රූම් හිමි ඥාති වරිගය සනසන්න…
වෙළෙඳ ඇමති බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය ගත්තෙ ජා ඇල කූල් රූම් හිමි ඥාති වරිගය සනසන්න…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMW7pzEeWUEkUwoAhwlrV8IpWlkAvBcMzLjmc9Do7wizh0ZcZz3cg9UTtx8vR9u2F45wVDFDY47gnuAo_P54Bkn_GsELOUjZ_8ZnMBlbTABU1eS-D2zfoIzzcfYcaaVglk1GBY-MOe0RpJ5wRaVK5xroaE6IyYUQY4manvktk0DeTuFeOsIwUnQQ/s320/sarath.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMW7pzEeWUEkUwoAhwlrV8IpWlkAvBcMzLjmc9Do7wizh0ZcZz3cg9UTtx8vR9u2F45wVDFDY47gnuAo_P54Bkn_GsELOUjZ_8ZnMBlbTABU1eS-D2zfoIzzcfYcaaVglk1GBY-MOe0RpJ5wRaVK5xroaE6IyYUQY4manvktk0DeTuFeOsIwUnQQ/s72-c/sarath.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy