ඊයේ (22) අම්බලන්තොට බැමිණියන්විල, නුගසෙවන ප්‍රදේශයේ වාරිමාර්ග රක්ෂිත ඉඩමක පස් කපමින් තිබූ බැකෝ යන්ත්‍රයකට මීට වසර ගණනාවකට ඉහත පස් යට වලදමා...
ඊයේ (22) අම්බලන්තොට බැමිණියන්විල, නුගසෙවන ප්‍රදේශයේ වාරිමාර්ග රක්ෂිත ඉඩමක පස් කපමින් තිබූ බැකෝ යන්ත්‍රයකට මීට වසර ගණනාවකට ඉහත පස් යට වලදමා සඟවා තිබූ ජාතික හැඳුනුම්පත් 1050 ක් හමුවී තිබේ.
උහපිටගොඩ ග්‍රාමසේවා වසමට අයත් ඩී.3 ඇල මාර්ගයේ රක්ෂිත ප්‍රදේශයේ වාරිමාර්ග නඩත්තු කටයුත්කතක් සඳහා මෙලෙස බැකෝ යන්ත්‍රයක් උපයෝගී කොටගෙන පස් කපා ඇති අතර එහි රියදුරු පේදුරු ආරච්චිගේ චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ ඊයේ පස්වරුවේ තමා පස් කපමින් සිටින විට බැකෝ යන්ත්‍රයට කලුපාට ඉටි බෑග් කිහිපයක් හමු වූ බවත් පසුව බැකෝ යන්ත්‍රයෙන් බැස ඒවා පරීක්ෂා කිරීමේ දි ජාතික හැඳුනුම්පත් විශාල සංඛ්‍යාවක් තිබෙනු දුටු බවත්ය.
ඉන්පසු ඔහු මේ බව එහි සිටි ඉංජිනේරුවරයාට දන්වා ඇති අතර ඔහු උහපිටගොඩ ග්‍රාම නිළධාරි ඒ.කේ නුවන් චන්දන මහතාට ද පොලීසියට ද දන්වා තිබේ.
අනතුරුව එම ස්ථානයට පැමිණි අම්බලන්තොට පොලිසියේ නිලධාරීන් අදාළ ජාතික හැඳුනුම්පත් තොගය සිය භාරයට ගෙන ඇත.
අම්බලන්තොට පොලීසියේ නිලධාරීන් ප්‍රකාශ කළේ මේ අතර ජාතික හැඳනුම්පත් සහ කාර්යාල හැඳුනුම්පත් 1050ක් තිබූ බවයි.
ඇතැම් ඒවා හඳුනා ගැනීමට හැකි තත්ත්වයේ තිබූ බවත් ඔවුන් පැවසීය.
බොහෝ හැඳුනුම්පත් මාමඩල, බැමිණියන්විල, හංගන්වගුර, ජන්සගම, වලවේවත්ත, යන ලිපිනයන්ගේ බව හැඳුනුම්පත් පරීක්ෂා කිරිමේ දී හෙළිවී තිබේ.
සිද්ධිය සම්බන්ධව බැකෝ යන්ත්‍රයේ රියදුරාගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගත් අතර අම්බලන්තොට මේ පිළිබඳ වැඩිදුර විමර්ශන අම්බලන්තොට පොලීසිය විසින් මෙහෙයවයි.
ඡායාරූප පහතින්.
හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
COMMENTS