කඩඉම් ලකුණු තිබියදීත් විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමට අවස්‌ථාව නොලද සිසුන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට දී තිබූ කාලය අදින් (20) අවසන් වෙයි. දැනට...
කඩඉම් ලකුණු තිබියදීත් විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමට අවස්‌ථාව නොලද සිසුන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට දී තිබූ කාලය අදින් (20) අවසන් වෙයි.
දැනටමත් සිසුන් විශාල පිරිසක් අභියාචනා ඉදිරිපත් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ආරංචි මාර්ග පැවසීය.
ඒ ඒ විශ්වවිද්‍යාලවල ඒ ඒ පාඨමාලාවන්ට අදාළව මෙවර ප්‍රථම වරට ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කළ අතර මෙම තත්ත්වය මත ප්‍රමාණවත් ඉසෙඩ් ලකුණු ලද සිසුන්ට ද විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්‌ථාව අහිමි වී ඇත.
අසාධාරණයකට ලක් වූ සිසුන්ගේ අභියාචනා සලකා බැලීම සඳහා මණ්‌ඩලයක් පත් කෙරෙන අතර කිසියම් පාඨමාලාවකට සියලුම සිසුන් ලියාපදිංචි වී නොමැති නම් පමණක් අභියාචනා ඉදිරිපත් කළ සිසුන්ට අවස්‌ථාව හිමිවන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS