දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එට්කා' ගිවිසුම සකස් කිරීම අවසන් අදියරේ
Homeප්‍රවෘත්ති

එට්කා' ගිවිසුම සකස් කිරීම අවසන් අදියරේ

PropellerAds

ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත 'එට්කා' හෙවත් ඉන්දු ලංකා ආර්ථික සහ තාක්‍ෂණික සහයෝගිතා ගිවිසුම සකස් කිරීම අවසන් අදියරේ පවතින බවත්...

හෙට (1) දැවැන්ත විරෝධයක් සූදානම් කරද්දී ජනපතිගෙන් අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුවක්!
කිසිම වැඩක් නෑ! පාර්ලිමේන්තු කමිටුවලින් කැබිනට් ඇමැතිවරු දෙන්නෙක් ඉල්ලා අස්වෙයි! ජී.එල්. විශේෂ හෙළිදරව්වක් කරයි! VIDEO
රට ගිය ගෝඨාභය මැලේසියාව හරහා යළි එයි!
එට්කා' ගිවිසුම සකස් කිරීම අවසන් අදියරේ

ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත 'එට්කා' හෙවත් ඉන්දු ලංකා ආර්ථික සහ තාක්‍ෂණික සහයෝගිතා ගිවිසුම සකස් කිරීම අවසන් අදියරේ පවතින බවත්, ගිවිසුම අවසන් කෙටුම්පතක් ලෙස මෙතෙක් ප්‍රකාශට පත් වී නොමැති බවත්, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

තවද එට්කා ගිවිසුම සකස්කර, පුළුල් සංවාදයකට ලක් කිරීමට පෙර  ඒ පිලිබඳ විවේචන ඉදිරිපත් කිරීම, දරුවෙකු මෙළොව එළිය දැකීමට පෙර උප්පැන්න සහතිකයක් දීම වැනි අර්ථවිරහිත ක්‍රියාවක් බව ද අමාත්‍යවරයා කියාසිටී.

මෙවැනි ගිවිසුමක් සකස් කිරීමේදී එහි මුලික කෙටුම්පත සකස් කර ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවට සහ අනෙකුත් පාර්ශවයන්ට ඉදිරිපත් කර පුළුල් සංවාදයකට බඳුන් කිරීමෙන් අනතුරුව අඩුපාඩු සකස් කරගනු ලබන බවත් ගිවිසුම අත්සන් කිරීම සිදුවන්නේ ඉන් අනතුරුව බවත් අමාත්‍යවරයා තවදුරටත් සදහන් කරයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

එට්කා ගිවිසුම සකස් කිරීමේදී ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය, වාණිජ මණ්ඩල සහ අනෙකුත් පාර්ශවවල අදහස් ලබාගෙන අවබෝධයෙන් යුතුව ඉන්දියාව සමඟ මෙම සාකච්ඡා සිදුකරමින් සිටිනවා. ලොව ජන ගහනය අතින් දෙවැනි තැන පසුවන ඉන්දියාව අපගේ අසල්වැසි රාජ්‍ය බවට පත්වීම තුලින් ලබා ගත හැකි ආර්ථික ප්‍රතිලාභ වෙත යොමු වීමට ශ්‍රී ලංකාවට දැන් කාලය එළඹී තිබෙනවා. ඉන්දියාව වැනි විශාල ආර්ථිකයක දොරටුව බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ වගකීම රජය මැනවින් අවබෝධ කරගෙනයි තිබෙන්නේ.

අපි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන සහ ආර්ථික අභියෝග එකිනෙකට පටලවා ගත යුතු නැහැ. ලෝකයේ දේශපාලන වෙනස්කම් පැවතුණු බොහෝ රටවල් ආර්ථික කටයුතුවලදී එක්ව කටයුතු කර ස්ථාවරත්වය ළඟා කරගෙන තිබෙනවා. වියට්නාමය සහ ඇමරිකාව අතර දරුණු යුද්ධයක් පැවතුනා පසුව එම රටවල් ආර්ථික කරුණු වලදී එකඟතාවයෙන් යුතුව කටයුතු කිරීම හේතුවෙන් අද වන විට වියට්නාමය ශක්තිමත් ආර්ථිකයක් හිමිකරගෙන තිබෙනවා.

අද වනවිට ඉන්දියාවේ ආයෝජනය කිරීමට ජාත්‍යන්තර සමාගම් පෙළඹී තිබෙනවා.  ශ්‍රී ලංකාවට ඉන්දියාවේ ආර්ථික දොරටුවක් ලෙස ක්‍රියා කල හැකි නම් මෙවැනි සුවිශාල ආර්ථික ආයෝජන වල ප්‍රතිලාභ අපේ රටටත් ලබාගත හැකි වෙනවා. පසුගිය දිනවල අපේ රටේ පුද්ගලික ආයතනක ප්‍රධානියෙක් එට්කා ගිවිසුමට විරුද්ධව විවිධ වැරදි ප්‍රචාර පතුරුවා හරින්න කටයුතු කළා. ඒ සඳහා හේතුවුනේ එම ආයතන ඉන්දියාවේ පෞද්ගලිකව ආයෝජනය කිරීමට ගොස් ලැබූ අසාර්ථක අත්දැකීම්. එහෙත් රටවල් අතර ගිවිසුම් මගින් ඉන්දියාව තුල විශාල ලෙස ජාත්‍යන්තර ආයෝජන පසුගිය වසර කිහිපයේම ස්ථාපිත වී තිබෙනවා. එමනිසා රටවල් දෙකක් අතර සිදුවන වෙළඳ ගිවිසුමකදී පෞද්ගලික අත්දැකීම් ඊට සම්භන්ද කිරීමේදී වගකීමෙන් කටයුතු කිරීම වැදගත්.

ඇතැම් වෘත්තිකයන්ද ළිංමැඩි මානසිකත්වයක සිට මෙවැනි ජාත්‍යන්තර ගිවිසුම් වලට විරුද්ධව කටයුතු කිරීම කණගාටුදායකයි. මෙම වෘත්තිකයන් පෞද්ගලික අංශයේද සේවය කරමින් රුපියල් කෝටි ගණන් උපයන අතරතුර මෙවැනි චෝදනා එල්ල කිරීම විහිළුවට කරුණක්. ඔවුන් ඇත්තටම කටයුතු කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව බව සඳහන් කල යුතුයි. අපිට අහන්න තියෙන්නේ 2005 සිට 2014 දක්වා ශ්‍රී ලංකාවේ සමස්ථ අපනයනය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 33 සිට 12 දක්වා සියයට 50කටත් වඩා වැඩි ප්‍රතිශතයකින් බරපතල ලෙස කඩා වැටෙන විට සහ ජාත්‍යන්තරයෙන් රටට එරෙහි සම්බාධක දැමීමේ වාතාවරණයක් ක්‍රියාත්මක වන කාලය තුල මෙම වෘත්තිකයන් කොතනද හිටියේ කියලා අපට අහන්න වෙනවා.

එට්කා හෙවත් ඉන්දු ලංකා ආර්ථික සහ තාක්‍ෂණික සහයෝගිතා ගිවිසුම මගින් ඉන්දියානු වෘත්තිකයන්ට ස්වාධීනව මෙරටට පැමිණ අපේ  වෘත්තිකයන්ට බලපෑමක් කරන්න බැහැ, ඒක ව්‍යාජ බිල්ලෙක් මවා පෑමක්. එට්කා විවේචනය කරන්නන් කරන්නේ ජනතාව පාගා දමමින් තමන්ගේ වෘත්තියේ ඒකාධිපතිත්වය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කිරීමක්."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එට්කා' ගිවිසුම සකස් කිරීම අවසන් අදියරේ
එට්කා' ගිවිසුම සකස් කිරීම අවසන් අදියරේ
http://ift.tt/2essrCn
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_816.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_816.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy