දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජවිපෙ ඡන්දය අයවැයට විරුද්ධව
Homeප්‍රවෘත්ති

ජවිපෙ ඡන්දය අයවැයට විරුද්ධව

PropellerAds

ජනතා විමුක්ති පෙරමුණ 2017 අයවැයට විරුද්ධව ඡන්දය ලබාදෙන බව එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි. මන්ත්‍රීවරයා...

දෙවන බුවනෙකබාහු රජුගේ කුරූණැගල රාජ සභාව අනවසරයෙන් කඩා දමයි !
රන්ජන් අධිකරණයට අපහාස කළ බව පරීක්ෂණවලදී තහවුරු වුණා - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි
කොරෝනා වැලදී ලාංකිකයන් 40ක් විදේශයන්හිදී මිය යයි.. දේහයන් ලංකාවට ගේන්න අවසර නෑ !
ජවිපෙ ඡන්දය අයවැයට විරුද්ධව

ජනතා විමුක්ති පෙරමුණ 2017 අයවැයට විරුද්ධව ඡන්දය ලබාදෙන බව එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ විජිත හේරත් මහතා කියාසිටියේ රජය ඉදිරිපත් කළ අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත සකස් කළ ණය,බදු හා දඩ වලින් පිරි ජනතාව කබලෙන් ලිපට දැමූ එකක් බවයි.

රට ණය උගුලක සිර කරන ආණ්ඩුවේ මෙම කොල්ලකාරී ආර්ථික ප‍්‍රතිපත්තියට එරෙහිව ජනතාව පෙළගැස්වීමට ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බවද ඒ මහතා කියාසිටී.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

"මේ ආණ්ඩුව අයවැයට කලින් වැට් බදු පනත ගෙනැල්ලා මීට පෙර නොතිබූ ක්‍ෂේත‍්‍ර ගණනාවක වැට් බද්ද එකතු කළා. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ බයිපාස් සැත්කම්වලට, ස්නායු රෝග සැත්කම්වලට රුපියල් ලක්‍ෂය, එක හමාර, මුදලක් වැඩිවුණා. එම්.ආර්.අයි. ස්කෑන් ඇතුළු පරීක්‍ෂණවල මිල ඉහළ ගියා. එසේ තිබියදී ආණ්ඩුව අයවැය ගෙනැල්ලත් කළේ ජනතාවට බදු පිට බදු ගහන එකයි. 

රවී කරුණානායකගේ අයවැයෙන් කියනවා, 2017 වර්ෂයේ ආදායම රුපියල් කෝටි 204,900ක්ද වියදම රු.කෝටි 346,900ක්ද කියලා. අයවැය හිඟය රු. කෝටි 157,900ක් වෙනවා. ඒ අනුව අයවැය හිඟය පියවා ගැනීමට රු. කෝටි 157,900ක ණය මුදලක්  ආණ්ඩුවට ලබාගන්න වෙනවා. මේ වනවිට ණය පොලිය රු. කෝටි 68,000ක් වෙනවා. ණය වාරිකය රු. කෝටි 80,000ක් වෙනවා. රාජපක්‍ෂ පාලනය වගේම මේ ආණ්ඩුවත් ණය මත දුවන පාලනයක්. වැට් පනත ගෙනැල්ලා ජනතාව මත බදු පැටෙව්වා වගේම මේ අයවැයෙනුත් ජනතාව මත බදු බර පටවලා. අලූතෙන්ම පනවන බදු ආදායමෙන් රු. කෝටි 39,000ක් හොයාගන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. එම බදු ආදායමෙන් රු. කෝටි 23,200ක්ම භාණ්ඩ හා සේවා මත පනවන බදුයි. කෝටි දෙකක ජනතාවක් එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා මත බදු බර පටවලා මේ ආදායම හොයන්න ආණ්ඩුව යෝජනා කරලා තිබෙනවා".

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජවිපෙ ඡන්දය අයවැයට විරුද්ධව
ජවිපෙ ඡන්දය අයවැයට විරුද්ධව
http://ift.tt/2f257w6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_928.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_928.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy