ර න්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ගොනුකර ඇති නඩුව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනිණි. ඒ සිසිර ද ආබෲ, විජිත්...
රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ගොනුකර ඇති නඩුව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනිණි. ඒ සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදීය.
මෙම නඩුවට අදාල නීතිපතිවරයාගේ දේශන ඊයේ අවසන් කළ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කළේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්පූර්ණයෙන්ම ඔප්පු වී ඇති බවයි. මෙම නඩුවට පාදක වන අපහාසාත්මක ප්‍රකාශය තමන් විසින් බැහැර නොකරන බව රන්ජන් රාමනායක මහතා විසින් අවස්ථා 04 කදී සපථ කර ඇති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.
'මම කියපු මතය ඉවත් කර ගන්නේ නැහැ. ජීවිතාන්තය දක්වා හිරේ දැම්මත් මගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නේ නැහැ' යනුවෙන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය තුළදීම මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් ඔහු තමන් මුලින් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය තවදුරටත් තහවුරු කර ඇති බවයි අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා සඳහන් කළේ. මෙවැනි ප්‍රකාශ හේතුවෙන් අධිකරණය පිළිබඳ මහජන විශ්වාසය පළුදු වියහැකි බව ද සරත් ජයමාන්න මහතා පෙන්වා දී තිබෙනවා.
2018 වසරේ අගෝස්තු 21 වනදා එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මෙරට විනිසුරුවරුන්ගෙන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත බවට ප්‍රකාශ කර තිබුණා. එමගින් ඔහු අධිකරණයට අපහාස කළ බව පවසමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා සිදුකළ පැමිණිල්ලට අනුව නීතිපතිවරයා මීට අදාළ චෝදනා ගොනුකර තිබෙනවා.
මෙම නඩුව යළිත් අගෝස්තු 24 වනදා කැඳවීමට නියමිතයි.

COMMENTS