ශ්‍රී ලාංකිකයන් 40 දෙනකු විදේශයන්හිදී කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් ඇති බව විදේශ සේවා නියුක්ත කාර්යාංශය පවසයි. රටවල් 16කින් එම මරණ වාර්තා...
රටවල් 16කින් එම මරණ වාර්තා වී තිබෙන බව කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් පවතින නිරෝධායන රෙගුලාසි මත එම දේහයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි බවත් අවසන් කටයුතු එහිම සිදු කරන්නට වූ බවත් ඔහු පැවසුවේය.
විදේශයන්හිදී මිය යන විදේශගත ශ්‍රමිකයන්ට රුපියල් 40000ක මුදලක් ලබාදීමට තමන් විසින් යෝජනා කළ බවද ඔහු කියා සිටියේය.
සභාපති වරයා මේ බව කියා සිටී කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS