විශ්‍රාමික ආබාධිත රණවිරුවන් සඳහා වන සේවා විශ්‍රාමික වැටුප ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට ලබා දෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යංශයේ...
විශ්‍රාමික ආබාධිත රණවිරුවන් සඳහා වන සේවා විශ්‍රාමික වැටුප ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට ලබා දෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රය විසින් පසුගිය 06 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මේ වනවිට ලබා දෙන වැටුප්, දීමනා සහ දුබලතා දීමනාවට අමතරව මෙම සේවා විශ්‍රාම වැටුප ලබා දෙන බවයි.
නිසි නීති රේගුලාසිවලට අනුකූලව සියලු කටයුතු සම්පාදනය කර එය 2017 වසරේ අයවැය යෝජනාවට ඇතුළත් කර අදාළ සේවා විශ්‍රාම වැටුප සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.
ඒ අනුව වසර 12කට අඩු සේවා කාලයක් සහිත විශ්‍රාමික ආබාධිත රණවිරුවන් සඳහා ඔවුන් ඉල්ලා සිටින විශ්‍රාම වැටුප 2017 වසරේ පෙබරවාරි මසයේ සිට ලබා දෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
අදාළ විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ ගැටළුව පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූයේ මීට මාස 03කට පෙර බව ද ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කරයි.
දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ගැටළුව මගින් ඇතැම් කණ්ඩායම් රජයට අප්‍රසාදය පළ කිරීම සඳහා කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS