දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කුරාන 15000 ක් සඟවා තිබී හසුවූ අමල් ජාත්‍යන්තර පාසලේ අන්තවාදී පැටිකිරිය... කාන්තා පාසලෙන් 30 දෙනෙක් ISIS සටන් බිමට.
Homeප්‍රවෘත්ති

කුරාන 15000 ක් සඟවා තිබී හසුවූ අමල් ජාත්‍යන්තර පාසලේ අන්තවාදී පැටිකිරිය... කාන්තා පාසලෙන් 30 දෙනෙක් ISIS සටන් බිමට.

PropellerAds

වැල්ලවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අමල් ජාත්‍යන්තර පාසලේ සඟවා තබා තිබියදී “අල්කුරආන්” පොත් 15000 ක තොගයක් වැල්ලවත්ත පොලිසිය ඊයේ (2) දින සොය...

ලංගම ඩිපෝ වසා දැමීම සියඹලාණ්ඩුව ඩිපෝවෙන් අරඹයි
අගමැති 'හොබිටන්' සිනමා ගම්මානයට (PHOTOS)
විහාර දේවාලගම් සංශෝධන පනත සංඝයා භේදකිරීමට අටවන කෙමනක්
වැල්ලවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අමල් ජාත්‍යන්තර පාසලේ සඟවා තබා තිබියදී “අල්කුරආන්” පොත් 15000 ක තොගයක් වැල්ලවත්ත පොලිසිය ඊයේ (2) දින සොයාගෙන ගබඩාවට මුද්‍රා තබා ඇත. සිංහල බසට පරිවර්තනය කරන ලද කුරාන 9396 ක් ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලද කුරාන 4784 ක් මෙලෙස මුද්‍රා තබා ඇත.

මෙම පාසලේ හිමිකරු ලෙස අංක 33 A, රම්‍ය පාර, බම්බලපිටිය ලිපිනයේ පදිංචි එම් එච් එම් ඉල්ලියාස් නැමැත්තා හඳුනාගෙන ඇත.

අමල් ජාත්‍යන්තර පාසලේ විදුහල්පති ලෙස කටයුතු කර ඇත්තේ එම්. එන්. එම්. රීසා නැමැත්තායි. ඔහු සහිරා විද්‍යාලයේ විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කර ඇත. එමෙන්ම මාලදිවයින, සෞදි අරාබියාව ඇතුළු රටවල් කිහිපයක පාසල්වල සේවය කර ඇත. ඔහු ජාත්‍යන්තර ජාලයකට සම්බන්ධ පුද්ගලයෙකු ලෙස සැලකේ. මෙම පාසලේ සාම්ප්‍රධායික මුස්ලිම් පුජකයෙක් සේවය කර ඇති අතර මොහු විසින් ඔහුව එලවා දමා ඇති බවට වාර්තා වේ.

අමල් ජාත්‍යන්තර පාසලේ කළමනාකරණ මණ්ඩලයේ සභාපති හකීම් අබුබකර්, ලේකම් එම්. අෂ්ෆාක්, භාණ්ඩාගාරික නදීර් සිද්දික් යන පුද්ගලයින් කටයුතු කරනු ලබයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් මෙරට තහනම් කිරීමට නිර්දේශ කර ඇති වාමි ආයතනය මෙම පාසල තුල පුහුණු කඳවුරු පවත්වා ඇති බවට ද කරුණු වාර්තා වේ.

Center for Islamic studies

මෙම පාසැල CIS (center for Islamic studies) විසින් පවත්වාගෙන ගිය පාසලකි. අන්‍ය ජාතිකයන් මුස්ලිම් ආගමට හැරවීම හෙවත් “දාවා” කිරීම මොවුන් දිගින් දිගටම කරගෙන ගොස් ඇත. ඊයේ හමුවූ කුරාන center for Islamic studies විසින් මුස්ලිම් ආගමට හරවන සිංහලයන්ට ලබා දීම සඳහා ගෙනත් තැබූ කුරාන ලෙස සැක කරනු ලබයි.

සිංහල ක්‍රිස්තියානි පුද්ගලයෙක්ව සිට ඉස්ලාම් ආගමට හැරුණු අන්වර් මනතුංග ද කලකට පෙර CIS ක්‍රියාකාරී සාමාජිකයෙකි.

මීට ඉහතදී අමල් ජාත්‍යන්තර පාසලේ විදුහල්පති ලෙස කටයුතු කර ඇත්තේ, සාසුලි නැමැත්තායි. ඔහු කලක් සහිරා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කල පුද්ගලයෙකි. ඔහු එයින් ඉල්ලා අස්වී අමල් ජාත්‍යන්තර පාසලට සම්බන්ධ වී ඇත. පසුව අමල් ජාත්‍යන්තර පාසලෙන් ඉවත්වී යලි සහිරා විද්‍යාලයේ ප්‍රාථමික අංශ ප්‍රධානියා ලෙස පත්වීම් ලබා ඇත.

අමල් ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂක මණ්ඩලයට කොළඹ සහිරා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ ඉහල තනතුරක් දැරූ මුස්ලිම් හදිස්සි මරණ පරීක්ෂක සහ නීතිඥ අශෝරෝෆ් රූමි නැමැත්තා කටයුතු කල අතර වර්තමානයේදී එම තනතුර නොදැරුවද කොළඹ සහිරා විදුහල සහ අමල් ජාත්‍යන්තර පාසල අතර යම්කිසි සහ සම්බන්ධයක් ඇත.

ගලේවෙල ජාත්‍යන්තර පාසැල් ගුරුවරයෙකු වන නිලාම් සමග එක්ව සිරියාවට ගොස් ISIS සමග එකතුවූ තාජුඩීන් සහෝදරයන් දෙදෙනා සහිරා විද්‍යාලයේ ආදී සිසුන්වේ.

වර්තමානයේ කොළඹ සහිරා විද්‍යාලයේ පොත්හල භාරව තිබෙන්නේ, පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් මෙරට තහනම් කිරීමට නිර්දේශ කර ඇති ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානයේ පොත්හල වන ඉස්ලාමික් බුක් හවුස් ආයතනයයි. විදුහල තුලට අන්තවාදයට අදාළ පොත් පත් හුවමාරු වීමට ඉඩ ඇත. එම නිසා සහිරා විද්‍යාලයේ පොත් පත් පිළිබඳවද විමර්ශනයක් කිරීමේ අවශ්‍යතාවය පැන නැගී ඇත.

සහිරා විද්‍යාලයේ ඉහල තනතුරු දරන්නේ බේරුවල ජාමියා නලීමියා හී ඉගෙනගත් පුද්ගලයන් වේ.

අන්තවාදී අබ්දුල් රාසික් ද සහිරා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වෙයි.

කාන්තා පාසලෙන් ශිෂ්‍යාවන් 30 කට ආසන්න ප්‍රමාණයක් ISIS සාමාජිකාවන් ලෙස සිරියාවට.

අමල් ජාත්‍යන්තර පාසලට අනුබද්ධ කාන්තා පාසල වන්නේ, ඊට යාබදව පිහිටා ඇති හිල්මා ජාත්‍යන්තර කාන්තා පාසලයි. එම පාසල තුල අන්තවාදී දේශකයෙකු වන බිලාල් පිලිප්ස් ගේ පොත්පත් ඉස්ලාම් විෂයට උගන්වා ඇත.

මෙම පාසලේ ඉස්ලාම් ගුරුවරිය වූ තාජුඩීන් නැමැත්තිය විසින් පාසලේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවන් 30 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් සමග සිරියාවට ගොස් ISIS සංවිධානයට එකතු වී ඇති බවට විදුහලට සම්බන්ධ ආරංචි මාර්ග ඔස්සේ දැනගත් බව බොදු බල සේනා සංවිධානය පවසයි. අදාළ ශිෂ්‍යාවන් පිළිබඳව වැඩිදුර තොරතුරු වාර්තා නොවන බවත් සිද්ධිය යට ගසා වසා දමා ඇති බවත් එම සංවිධානය පවසයි. ඉස්ලාම් ගුරුවරිය වූ තාජුඩීන් නැමැත්තිය නිලාම් සමග එක්ව සිරියාවට ගොස් ISIS සමග එකතුවූ තාජුඩීන් සහෝදරයන් දෙදෙනාගේ ඥාතියෙකි.

-colombotoday
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29322,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුරාන 15000 ක් සඟවා තිබී හසුවූ අමල් ජාත්‍යන්තර පාසලේ අන්තවාදී පැටිකිරිය... කාන්තා පාසලෙන් 30 දෙනෙක් ISIS සටන් බිමට.
කුරාන 15000 ක් සඟවා තිබී හසුවූ අමල් ජාත්‍යන්තර පාසලේ අන්තවාදී පැටිකිරිය... කාන්තා පාසලෙන් 30 දෙනෙක් ISIS සටන් බිමට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFdbubSjPMBb2NFJXnHM0gUFCRwXXly6bSAxqzAhV4QUopAcdBdj90U7ETpHWjPpaQbn2i-vbdusguB5-R2eASu-fcPAT0Wc0D2WrGPT234cvodaUXUHUiMcOe0YQPi_IhJqoLvM5a8_Q/s320/amal-international-shcool.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFdbubSjPMBb2NFJXnHM0gUFCRwXXly6bSAxqzAhV4QUopAcdBdj90U7ETpHWjPpaQbn2i-vbdusguB5-R2eASu-fcPAT0Wc0D2WrGPT234cvodaUXUHUiMcOe0YQPi_IhJqoLvM5a8_Q/s72-c/amal-international-shcool.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/15000-30-isis.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/15000-30-isis.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy