ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සිදුවූ වකුගඩු ජාවාරම්වලට ප්‍රධානවම සම්බන්ධ යැයි සැක කෙරෙන සැකකුරුවන් 07 දෙනෙකු මිරිහාන පොලිස් රැඳවුම් කඳවුරේ ස...
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සිදුවූ වකුගඩු ජාවාරම්වලට ප්‍රධානවම සම්බන්ධ යැයි සැක කෙරෙන සැකකුරුවන් 07 දෙනෙකු මිරිහාන පොලිස් රැඳවුම් කඳවුරේ සිටියදී අතුරුදහන් වීමෙන් පසුව ඊයේ (10) පස්වරුවේ ඉන් සැකකරුවන් 05 දෙනෙකු මන්නාරම, පේසාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පේසාලෙයි පොලීසිය පවසයි.
මන්නාරම පොලිස් විශේෂ කාර්යංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පේසාලෙයි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සැලසුම් සහගතව සිදුකරන ලද සෝදිසියකදී අදාළ සැකකාර ඉන්දීය ජාතිකයින් 07දෙනාගෙන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලින් සැකකරුවන් පවසා ඇත්තේ අනෙක් සැකකරුවන් දෙදෙනා මුහුදු මගින් ඉන්දියාවට පැන ගිය බවත් තමන් ද එදින රාත්‍රියේ ධීවර බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පැනයාමට සැලසුම් කොට තිබූ බවත්ය.
කෙසේවෙතත් සැකකාර ඉන්දීය ජාතිකයින්ගේ තොරතුරුවලට අනුව ඊයේ (10) රාත්‍රියේම මෙම ඉන්දීය ජාතිකයින්ට පැන යාමට උදව් කළ බවට සැකකෙරෙන තලෙයිමන්නාරම පදිංචි මෙරට ධීවරයෙකු ද අත්අඩංගුවට ගත්බව පේසාලෙයි පොලීසිය පැවසීය.
මේ අතර සැකකරුවන්ගේ ප්‍රකාශයන් අනුව පැනගිය බවට සැකකෙරෙන අනෙක් සැකකාර ඉන්දීය ජාතිකයින් දෙදෙනා ඉන්දියාවට ගොස් ද නැතහොත් ලංකාවේම සැඟව සිටින්නේද යන්න සෙවීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS