තමාට හිමි බදු නිදහස් බලපත්‍රයෙන් තවමත් මෝටර් රථයක් මිලදී නොගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසූයේ ඊයේ (15...
තමාට හිමි බදු නිදහස් බලපත්‍රයෙන් තවමත් මෝටර් රථයක් මිලදී නොගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.
ඔහු මේ බව පැවසූයේ ඊයේ (15) කොළඹදී පැවති රාවය පුවත්පතේ 30 වැනි සංවත්සරයට එක්වෙමිනි.
එසේම ලංකාවේ පුවත්පත් කතුවරුන්, රූපවාහිනී සේවා වන පුවත් ඇතුළු අනෙකුත් අංශ ප්‍රධානීන් ලබාගන්නා වැටුපට වඩා අඩු වැටුපක් ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලබාගන්නා බවද ඔහු සඳහන් කළේය.
“රාවය පුවත්පත සමග මම එකග වූ අවස්ථාත් විරුද්ධ වුණ අවස්ථාත් තිබෙනවා. රාවය ආරම්භ කරපු නිසා මට විපක්ෂයට යන්න වුණා. විපක්ෂයේ කොහොමද කටයුතු කරන්නේ කියලා ඒ කාලයේ ඉගෙන ගත්තා.“ යැයි අගමැතිවරයා පෙන්වා දුන්නේය.
“ප්‍රධාන පක්ෂ දෙක එකට වැඩ කරන එක ලොකු දෙයක්. අපි අවුරුද්දක් කොහොම හරි දුවලා තිබෙනවා. මම තාම පර්මිට් එකෙන් කාර් එක අරගෙන නෑ. මටත් පුද්ගලික ආදායමක් නොලැබුණානම් පර්මිට් එක විකුණන්න වෙනවා. හැබැයි මම එකක් කියනවා. ලංකාවේ ඊළග අගමැතිවරයාට පර්මිට් එක විකුණන්න වෙන තත්ත්වයක් ඇති කරන්න එපා.“ යැයි ඔහු පැවසී ය.
COMMENTS