පාසල් පරිශ්‍රය තුළ පාසල් නිල ඇඳුම් වවුචර අලෙවිය සහ ප්‍රවර්ධනය තහනම් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව, පාසල් පරිශ්‍රය තුළ කිස...
පාසල් පරිශ්‍රය තුළ පාසල් නිල ඇඳුම් වවුචර අලෙවිය සහ ප්‍රවර්ධනය තහනම් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව, පාසල් පරිශ්‍රය තුළ කිසිදු පුද්ගලයකුට හෝ ව්‍යාපාරික ආයතනයකට පාසල් නිල ඇදුම් රෙදි පිළි අලෙවි කිරීම හෝ ප්‍රවර්ධනය කිරීම සපුරා තහනම් වන අතර විදුහල්පතිවරයෙකුට හෝ නිලධාරියෙකුට ව්‍යාපාරිකයන් හා සම්බන්ධ වෙමින් නිල ඇඳුම් රෙදි අලෙවි කිරීම සඳහා මැදිහත් විය නොහැක.
එමෙන්ම නිල ඇදුම් වවුචරය අනිවාර්යයෙන් සිසුන් අතට පත් කළ යුතු අතර ඒ වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදීමට කිසිදු විදුහල්පතිවරයෙකුට හෝ නිලධාරියෙකුට කිසිදු අවසරයක් නැති අතර දරුවන්ගේ හා දෙමාපියන්ගේ අභිමතය පරිදි නිල ඇඳුම් වවුචරපත් භාවිතා කරමින් තමා කැමති ඕනෑම රෙදි පිළි අලෙවි සැලකින් නිල ඇඳුම් රෙදි මිලදී ගත හැකි ය.
මේ සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් වේ නම් 1988 අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් මාර්ගය ඔස්සේ පැමිණිලි කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව ලබා දී තිබෙන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS