තිස් වසරක යුද්ධය අවසන් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලීසිං ත්‍රස්තවාදය අවසන් කිරීම යනු අපහසු දෙයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අප...
"තිස් අවුරුද්දක කුරිරු ත්‍රස්තවාදය නිම කරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ ලීසිං ත්‍රස්තවාදය තුරන් කරන එක එච්චර අපහසුවක් නෙවෙයි. ඒ අයට විරුද්ධව අනිවාර්යයෙන්ම දැඩි දඬුවම් දිය යුතුයි" යනුවෙනුයි ඒ මහතා ප්‍රකාශ කළේ.
සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ ඝාතනයට ලක්වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (13) පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
COMMENTS