මෙරටට පැමිණීමට නියමිත ‘ඩාවුඩ් බෝරා ප්‍රජාවේ’ ආධ්‍යාත්මික නායක ආචාර්ය සයිඩ්නා මවුෆඩුල් සයිෆුඩීන් (Mufaddal Saifuddin) ඇතුළු අනුගාමිකයන් හතළි...
ඔහු මේ බව අරුණ පුවත්පතට පවසා ඇති අතර ගුණරත්න මහතා වැඩිදුරටත් "මුළු ලෝකේම බෝරාවරුන්ගේ නායකයා එන්නේ. පාප්තුමා ආව වගේම තමයි. බෝරා නායකයාගේ පැමිණීමත්, එම නිසා ඒ සඳහා සුවිශේෂී ආරක්ෂාවක් සපයා දෙනවා" යැයිද පවසා ඇත.
ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් ජගත් අල්විස් යටතේ බෝරා නායකයාගේ ආරක්ෂාව සැපයීමට නියමිත බව පැවසේ.
ඔවුන් ලංකාවට පැමිණි පසු දින 14ක කාලයක් බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිරෝධායනය කිරීමට ද රජය සැලැසුම් කර ඇත.
මේ අතර, ඔවුන් පැමිණෙන දිනයක් පිළිබඳව තවමත් දන්වා නොමැති බවත් විදේශ සබඳතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා කියා සිටී.
COMMENTS