දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දේශපාලන බලපෑමට ටෙන්ඩරය නොදුන් හැදුණුම්පත් කොමසාරිස්ට වැඩ වරදී? 
Homeප්‍රවෘත්ති

දේශපාලන බලපෑමට ටෙන්ඩරය නොදුන් හැදුණුම්පත් කොමසාරිස්ට වැඩ වරදී? 

PropellerAds

රුපියල් 40 විද්‍යුත් හැඳුනුම්පත් ටෙන්ඩරය රුපියල් 80ට දෙන්නැයි එල්ලකල දේශපාලන බලපෑම්වලට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ආර්.එ...

කරුංකා ව්‍යාපාරිකයෝ කබලෙන් ලිපට
කරුංකා ව්‍යාපාරිකයෝ කබලෙන් ලිපට
ජනාධිපති නිර්දේශ නොතකා ඊ-පාස්පෝට් පිටට යන හැඩ!
දේශපාලන බලපෑමට ටෙන්ඩරය නොදුන් හැදුණුම්පත් කොමසාරිස්ට වැඩ වරදී? 

රුපියල් 40 විද්‍යුත් හැඳුනුම්පත් ටෙන්ඩරය රුපියල් 80ට දෙන්නැයි එල්ලකල දේශපාලන බලපෑම්වලට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස්. සරත් කුමාර මහතා දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.

මෙම ගැටුමේ ප්‍රතිඑලයක් ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස ආගමන විගමන අතිරේක පාලක ලියාන් ගුණතිලක මහතා ගේ නම නිර්දේශ කරමින් කැබිනට් පත්‍රිකාවක් රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කර ඇති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ  කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනය පහතින්,

රු. 40 විද්‍යුත් හැඳුනුම්පත් ටෙන්ඩරය රු. 80 ට දෙන්නට බෑ කියූ පුද්ගලයින් ලියපාදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් සරත් කුමාර සංචිතයට?

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීමෙ යෝජිත විද්‍යුත් හැඳුනුම්පත් මුද්‍රණය කිරීම සඳහා වන ටෙන්ඩර් ප්‍රධානය හේතුවෙන් මෙම ගැටුම මතුවී ඇත.

එම දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යංශයේ නිලධාරින්ගෙන් සැදුම් ලත් ප්‍රසම්පාදන කමිටුවක් මඟින් අදාල ටෙන්ඩර් මිළ ගණන් පිළිබඳ විමසීම් සිදුකරමින් සිටින අතර එම හැදුනුම්පත් සඳහා ලැබී ඇති අවම ටෙන්ඩරය රුපියල් 40.00 කි. නමුත් එම ටෙන්ඩරය රුපියල් 80.00 මිල සඳහන්වූ අයදුම්පතක් සඳහා ලබාදෙන දේශපාලන බලපෑම් එල්ල වී ඇත. ඒ සදහා  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ආර් එම් එස් සරත් කුමාර මහතා දැඩි ලෙස විරෝධය පළ කර ඇත.

මෙම ගැටුමේ ප්‍රථිඑලයක් ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස ආගමන විගමන අතිරේක පාලක ලියාන් ගුණතිලක මහතා ගේ නම නිර්දේශ කරමින් කැබිනට් පත්‍රිකාවක් රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කර ඇති බවද වාර්තා වෙයි.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පසුගිය සමයේ කැෆේ, පැෆරල් හා සීඑම්ඊවී ඇතුළු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමග එක් වී හැදුනුම්පත් නොමැති පුද්ගලයින් වෙත සහන සැලසීමේ පුළුල් ව්‍යාපාරයක නිරත විය.

ගල් අඟුරු වංචාව සහ බැඳුම්කර වංචාව ආදී වත්මන් යහපාලන රජයේ ඉස්මතුවී ඇති වංචා දූෂණ මාෆියාව විසින් රාජ්‍ය යාන්ත්‍රණයෙන් දුෂණයට එරෙහි නිළධාරීන් පන්නා දැමීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ සෘජු අවධානය යොමු වනු ඇතැයි කැෆේ සංවිධානය අපේක්ෂා කරයි.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය 

2016 නොවැම්බර් මස 23 වැනිදා

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දේශපාලන බලපෑමට ටෙන්ඩරය නොදුන් හැදුණුම්පත් කොමසාරිස්ට වැඩ වරදී? 
දේශපාලන බලපෑමට ටෙන්ඩරය නොදුන් හැදුණුම්පත් කොමසාරිස්ට වැඩ වරදී? 
http://ift.tt/2fEDIjT
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_480.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_480.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy