දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2500 අවම දඩයට හේතුව මෙන්න 
Homeප්‍රවෘත්ති

2500 අවම දඩයට හේතුව මෙන්න 

PropellerAds

මාර්ග නීති පිළිබඳව විනයක් හා ගරුත්වයක් ජනතාව තුළ ඇතිකිරීමේ රජයේ ක්‍රමෝපායන් ලෙස අයවැය මගින්  වාහන නීති කඩකරන්නන්ට එරෙහිව පනවන ලද රුපියල් 2...

ප්‍රතිසංස්කරණය කරන්නේ සිංහරාජය අසළ වසර 50 ක් පැරණි පාරක්
"අලුත් ව්‍යවස්ථාව කෙසේ හෝ සම්මත කරගන්න සම්පූර්ණ සහය දෙනවා" - රාධාක්‍රිෂ්ණන්
කොළඹ වරාය නගරය ගොඩකර අවසන්
2500 අවම දඩයට හේතුව මෙන්න 

මාර්ග නීති පිළිබඳව විනයක් හා ගරුත්වයක් ජනතාව තුළ ඇතිකිරීමේ රජයේ ක්‍රමෝපායන් ලෙස අයවැය මගින්  වාහන නීති කඩකරන්නන්ට එරෙහිව පනවන ලද රුපියල් 2500යේ අවම දඩ මුදල ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළෙහි කිසිදු වෙනසක් කරන්නේ නැතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

මාර්ග නීති රීති නොසලකා හැරීම ඇතුළුව නීති උල්ලංඝනය කිරීම් රටේ ප්‍රධාන ප්‍රශ්ණයක් බවට පත්ව තිබේ. අය වැය සකස්කිරීම සඳහා ලැබූ යෝජනාවලින් 90% කින් පමණම ජනතාව ඉල්ලා සිටියේ රටේ සියලු ක්ෂෙත්‍රයන්හි විනය ඇතිකිරීම හා නීතිය පිළිපැදීමට ජනතාව යොමු කළ යුතුයි යන්නයි.

මාර්ග නීති උල්ලංඝනය කිරීමට එරෙහිව අය වැය මගින් පනවන ලද රුපියල් 2500 අවම දඩය ඉවත් කරන මෙන් පුද්ගලික බස් සංගමයක් විසින් කරන ඉල්ලීම පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කළ මුදල් අමාත්‍යවරයා මෙය පනවන ලද්දේ දහස් ගණන් මෝටර් රථ කරුවන්ගේ හා පදිකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා බව පෙන්වා දුන්නේය.

පුද්ගලික බස් ධාවකයන් මෙතරම් නීතියට එරෙහිවන්නේ ඇයි දැයි විමසූ මුදල් අමාත්‍යවරයා මාර්ග නීති නිරතුරුව කඩකරන්නේ ඔවුන් යැයි ඔවුන්ම පිළිගන්නා බව මෙයින් ඔප්පු වන බව අමාත්‍යවරයා පැවසී ය.

අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

පොලිස් වාර්තාවට අනුව මෙම වසරේ දී මේ වනතෙක්  රිය අනතුරුවලින් 3,000 ට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙමගින් ලංකාවේ පාරවල් ලොව අවදානම් මාර්ග බවට පත්ව තිබේ. මෙය අප වෙනස් කළ යුතුයි. තවද මෙය යුද්දය හේතුවෙන් වසරකට මැරුණු සංඛ්‍යාව අභිබවා යෑමකි.

මෙම අවම දඩමුදල් නියම කිරීම ට විරුද්ධ වීම හරහා, මිනිසුන් අනතුරුවලින් මරුමුවට පත්කිරීම වෙනුවෙන් නීතියෙන් මුක්තිය ලබදෙන්නයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින බවක් පෙනේ.

අය වැය වෙනුවෙන් ලැබුණු යෝජනා පිළිබඳව ජනතාව සමඟ සාකච්ඡා කළ අවස්ථාවේදී මාර්ගයේ සිදුවන අනතුරු අවම කිරීම සඳහා සහ විනයක් ගෙන ඒමට වහ පියවර ගත යුතු යැයි ඉල්ලා සිටියේ.

මාර්ග නීති කඩ කරන්නන්ට එරෙහිව තද බල නීති ගෙන ඒමේ අවශ්‍යතාවය පිළිබඳව සමාජයේ සියලු පාර්ශ්වයන් එකා මෙන් රජයෙන් ඉල්ලා සිටි අතර එමගින් වාහන භාවිත කරන්නන් පමණක් නොව පදිකයන් ද ආරක්ෂා වන බව රජය සමඟ සාකච්ඡා කළ ජනතාව පෙන්වා දුන්හ.

මාර්ග නීතිය යටතේ අවම දඩය වැඩි කළේ රජයට ආදායම් මාර්ගයක් ලෙස නොව රියදුරන් මාර්ග නීති කඩ කිරීම වළක්වාලීම සඳහා වන උපක්‍රමයක් ලෙස හා මාර්ගය ආරක්ෂා සහිත කිරීම සඳහාත් ය. එහෙයින් මාර්ග නීති කඩ නොකරන රියදුරන් හෝ වාහන හිමියන් කිසිවෙකුත් මෙසේ දඩ මුදල් වැඩිකිරීම සම්බන්ධයෙන් බිය විය යුතු නැත. මාර්ග නීති කඩ කරමින් අනතුරු දායක ලෙස රිය පදවන්නන් දඩ ගෙවීම සිදු කළයුත්තකි.

මාර්ගයේ වාහන තද බද අතිවන්නේ ද විනය විරෝදීව රිය පදවන්නන් නිසා යැයි පොලිසිය විසින් නිරීක්ෂණය කර තිබෙන බවට වාර්තා වී තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2500 අවම දඩයට හේතුව මෙන්න 
2500 අවම දඩයට හේතුව මෙන්න 
http://ift.tt/2fRD0iS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/2500_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/2500_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy