අළුත් ව්‍යවස්ථාව කෙසේ හෝ සම්මත කරගන්න කඳුරට ජනතා පෙරමුණ විදිහට සම්පූර්ණ සහාය දීමට සූදානම් බව අමාත්‍ය වේලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි. ...
අළුත් ව්‍යවස්ථාව කෙසේ හෝ සම්මත කරගන්න කඳුරට ජනතා පෙරමුණ විදිහට සම්පූර්ණ සහාය දීමට සූදානම් බව අමාත්‍ය වේලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.
ඒ නුවරඑළියේදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“මේ මාසේ (11) වෙනිදා අලුත් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ආණ්ඩු පක්ෂයෙන් එය ඉදිරිපත් කළාට විපක්ෂයෙන් එය ප්‍රතිකේෂප කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එය ප්‍රතිකේෂප කළා. මෙම සුළු ජාතීන් විදිහට අපිට පිළිගන්න බෑ. මේ රටේ ව්‍යවස්ථාවේ හැටියට පාර්ලිමේන්තුව පටන් ගන්න විට 2015 ඡන්දේ ඉල්ලද්දී ජනාධිපති තුමයි අගමැති තුමයි පොරොන්දු වුණා විශේෂයෙන් උතුරු නැගෙණහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන බව කීවා. නමුත් අද වෙනකම් ඒ ප්‍රශ්නය විසඳුණේ නෑ. අද වෙනකොට මේ ප්‍රශ්නය දිගට ඇදගෙන යනවා.”
“මේ අවස්ථාවේ ගෙනාපු අළුත් ව්‍යවස්ථාව ප්‍රතිකේෂප කරන අවස්ථාවේ මේක අපේ රටටම මුලු ලෝකෙම මඩ ගහන සිද්ධියක් විදිහට තමයි අපි මෙය දකින්නේ. අලුතෙන් ඉදිරිපත් කරල තියෙන ව්‍යවස්ථාව කෙසේ හෝ සම්මත කරගන්න එකඟතාවයකට එන්න ඕන. ඒකට කඳුරට ජනතා පෙරමුණ විදිහට අපි සම්පූර්ණ සහාය දෙන්න බලාපොරොත්තු වෙනවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.
(ක්‍රිෂාන්තන්)
COMMENTS