දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රතිසංස්කරණය කරන්නේ සිංහරාජය අසළ වසර 50 ක් පැරණි පාරක්
Homeප්‍රවෘත්ති

ප්‍රතිසංස්කරණය කරන්නේ සිංහරාජය අසළ වසර 50 ක් පැරණි පාරක්

PropellerAds

සිංහරාජ වනාන්තරය මැද්දෙන් පාරක් කපන බවට පළවු තොරතුරු සම්පූර්ණයෙන් අසත්‍ය බව මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නම්පෙරුම මහතා...

ආවා කල්ලිය මෙහෙයවන පුද්ගලයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට
වාද්දුවේ ෆේස්බුක් සාදය තිදෙනෙකුට මරු කැඳවයි (VIDEO)
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයෙන් බෙල්ජියමට යාමට හැදූ ලාංකිකයා අත්අඩංගුවට
ප්‍රතිසංස්කරණය කරන්නේ සිංහරාජය අසළ වසර 50 ක් පැරණි පාරක්

සිංහරාජ වනාන්තරය මැද්දෙන් පාරක් කපන බවට පළවු තොරතුරු සම්පූර්ණයෙන් අසත්‍ය බව මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නම්පෙරුම මහතා පැවසීය.

ලෝක උරුම සිංහරාජ වනාන්තරයට කිලෝමීටර් එකහමාරක් මෙහායින් ඇති රක්‍ෂිත ප‍්‍රදේශය වසර 50 ක් පැරණි පාරක් ප‍්‍රතිසංස්කරණය කරන බවත් එහිදී ලෝක උරුම සිංහරාජයේ ජෛව විවිධත්වයට කිසිදු හානියක් නොවන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

සිංහරාජ ප‍්‍රවේශ පත‍්‍ර අලෙවි කාර්යාලයේ ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය  හමුවකදී නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.

ලෝක උරුම සිංහරාජ වනාන්තරය හරහා පාරක් කපමින් එහි ජෛව විවිධත්වයට හානි ගෙන දෙමින් සංවර්ධන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කරන බවට පසුගිය දිනවල මාධ්‍ය හරහා පළවු පුවත් සම්බන්ධයෙන් පැහැදිලි කිරිම සඳහා මෙම  මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

එහිදී මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා මෙසේ කීය.

"සිංහරාජයේ ගස් කැපුවා, පාරවල් කැපුවා කියලා විවිධ ව්‍යාජ මත නිර්මාණය වෙන්න පටන්ගත්තා. මේ හැදුවයි කියන පාරදිගේ අද අපි ඔක්කෝම ඇවිදගෙන ආවා. පාර සුද්ද කරන්න එක ගහක්වත් ගහක් කපලා දාලා තියනවා දැක්කේ නෑ. දිරලා පාරට කඩාගෙන වැටිලා තිබුණ ගස් මුල් පිටින් අයින් කරලා තියනවා දැක්කා.  වන සංරක්‍ෂණ අධ්‍යක්‍ෂ ජනරාල්තුමා ඇතුළු නිලධාරීන් අපට පැහැදිලි කළා මේක පැරණි පාරක් කියලා. ඒ බව අපිට ඇවිත් බැලූවම තහවුරු වුණා. කාලෙකට ඉස්සර බැඳපු බෝක්කු අපි දැක්කා.

ඇතැම් තැන්වල නායයාම් , පස් කඩාගෙන වැටීම් සිද්ධවෙලා තියනවා අපි දැක්කා. වැහි කාලයට ගලාගෙන වතුර පාරවල් නිසා මේ යන පාරේ තැනින් තැන ද්‍රෝනි වගේ වළවල් හෑරිලා තිබුණා අපිට පෙන්නුවා. විශාල ගල් පෑදිලා පයින් යන්නවත් බැරි තත්ත්වයට පත්වෙලා, දෙස් විදෙස් සංචාරකයන් වැටිලා අතපය පවා කැඩුණු අවස්ථා අපි දැක්කා. ප‍්‍රවේශපත‍්‍ර කවුලූව අසලදී හමුවුණ ගමේ අයත් මා සමඟ කිව්වා. සමහර විදෙස් සංචාරකයෝ වැටිලා ආබාධ වුණාම පුටුවල තියලා උස්සාගෙන ගිය අවස්ථා තිබුණා කියලා. කොහොමවත් මේ ප‍්‍රතිසංස්කරණය කරන පාරේ වාහන ගමන් කරන්න අපි ඉඩ දෙන්නේ නෑ."

මෙම අවස්ථාවට වන සංරක්‍ෂකවරුන් වන මහින්ද සෙනෙවිරත්න, නන්ද කුමාර, සබරගමු හා දකුණු පළාත්භාර කලාප වන සංරක්‍ෂක කුමාරසිරි, රත්නපුරදිසා වන නිලධාරී ප‍්‍රසාද් කුමාර, අතිරේක දිසා වනනිලධාරී තිස්ස ඩයස් බණ්ඩාර, සිංහරාජ වන පාළක අජිත් ජයසිංහ යන මහත්වරු ද මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීහූ රැසක් ද පැමිණ සිටියහ.

සබැඳි පුවත් : http://am.lk/local-news/item/40801-2019-01-08-10-58-37

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29292,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රතිසංස්කරණය කරන්නේ සිංහරාජය අසළ වසර 50 ක් පැරණි පාරක්
ප්‍රතිසංස්කරණය කරන්නේ සිංහරාජය අසළ වසර 50 ක් පැරණි පාරක්
http://am.lk/media/k2/items/cache/91c8444ed98a9b7e912166b34df24b3d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/50.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/50.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy