සිව්දින නිල සංචාරයක් සඳහා බෙල්ජියමට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ (17) එරට ලොව්රාන් කුමරු සමග ද්විපාර...
සිව්දින නිල සංචාරයක් සඳහා බෙල්ජියමට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ (17) එරට ලොව්රාන් කුමරු සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.
ඒ, බ්‍රසල්ස් පුනර්ජනනීය බලශක්ති මූලස්ථානයේදීය.
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පුනර්ජනනීය බලශක්ති මූලස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළගනු ලැබුවේ ස්වභාවික සම්පත් තිරසාර කළමනාකරණය සහ පිවිතුරු තාක්ෂණ ප්‍රවර්ධනය පිළිබඳ රාජකීය ආයතනයේ සභාපති බෙල්ජියමේ ලොව්රාන් කුමාරු විසිනි.
බෙල්ජියමේ ජනතාවට පුනර්ජනනීය විදුලිබල උත්පාදන ක්‍රමවේදයන් පුරුදු කිරීමේ අභියෝගයට තමන් සාර්ථකව මුහුණ දුන් බව ලොව්රාන් කුමරු, අග්‍රාමාත්‍යවරයා සමග සිදුකළ සාකච්ඡාවේදී සඳහන් කළේය.
මේ වනවිට ප්‍රධාන වශයෙන් න්‍යෂ්ටික බලයෙන් විදුලිබලය උත්පාදනය කරන බෙල්ජියම අනාගතයේදී පූර්ණ වශයෙන් පුනර්ජනනීය විදුලිබල උත්පාදනය සදහා අවධානය යොමු කර ඇත.
ඊයේ දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වුණු වසර 120 ක් පැරණි ගොඩනැගිලි සංකීර්ණයේ භාවිත කෙරෙන්නේ ද පුනර්ජනනීය බලශක්තිය බව ලොව්රාන් කුමරු සඳහන් කර තිබේ.
එහිදී සුර්යය බලය, භූගත උණුසුම, සුළං ආදි විවිධ ක්‍රමවේදයන් ඔස්සේ බලශක්තිය උත්පාදනය කරගෙන ඇත.
ගොඩනැගිල්ලේ වෙසෙන පුද්ගලයන්ගේ සිරුරුවලින් පිටවන උෂ්ණත්වය පවා බලශක්ති ජනනය සඳහා යොදා ගැනීම එහි ඇති විශේෂත්වයකි.
ලොව්රාන් කුමරු සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස බලශක්ති මැදුරේ විවිධ ස්ථානවල ස්ථාපති කර ඇති බලශක්ති උත්පාදන යන්ත්‍ර සහ ඊට යොදාගන්නා තාක්ෂණික ක්‍රමවේද නිරීක්ෂණය කළේය.
වීඩියෝව පහතින්.
COMMENTS