හම්බන්තොට - තංගල්ල ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට, තවාළුවිල අසල පෙට්ටි කඩයක් පවත්වාගෙන ගිය කාන්තාවකට එම පෙට්ටි කඩය ඉවත් කරගන්නා ලෙස දැන්වීම හ...
හම්බන්තොට - තංගල්ල ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට, තවාළුවිල අසල පෙට්ටි කඩයක් පවත්වාගෙන ගිය කාන්තාවකට එම පෙට්ටි කඩය ඉවත් කරගන්නා ලෙස දැන්වීම හේතුවෙන් එයට විරෝධය පා ඇය ඒ අසල මාර ගසක් උඩ නැග විරෝධතාවයක නිරතව සිටින බව වාර්තා වේ.
අම්බලන්තොට පොලීසිය පැවසුවේ වතුකන්ද ගමගේ පේමලතා නම් ඇය අද (17) උදෑසන සිට මෙම විරෝධතාවය ආරම්භ කර ඇති බවයි.
2011 වසරේ සිට ප්‍රධාන මාර්ගයට අයත් රක්ෂිතයේ මෙම කාන්තාව තම පෙට්ටි කඩය පවත්වාගෙන ගොස් ඇති අතර වෙනත් පුද්ගලයෙකු විසින් ඊට පසුපස තිබූ කුඹුරු ඉඩමක් ගොඩකර කඩ කාමර පේලියක් ඉදිකර තිබේ.
එම කඩ කාමර වෙත ඒමට මාර්ගය සාදා ගැනීම සඳහා අදාල තැනැත්තා විසින් නිලධාරීන් යොදවා තම පෙට්ටි කඩය ඉවත් කිරීමට කටයුතු කළ බව විරෝධතාවයේ නිරත කාන්තාව පවසයි.
තමන් 2011 වසරේ සිට මෙම මාර්ග රක්ෂිතයේ වෙළඳාම් කරමින් පෙට්ටි කඩය පවත්වාගෙන ගිය බවත් මීට පෙර මෙම ක්රියාත්මක නොකිරීමටත්, බලවතාගේ කඩ කාමරය ඉදිකිරීමෙන් පසු නීතිය ක්‍රියාත්මක කිරිමත් අතර වෙනස කුමක්දැයි ඇය ප්‍රශ්න කරයි.
මේ සම්බන්දයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු තංගල්ල සී. කොඩිතුවක්කු මහතාගෙන් විමසිමේදී ඔහු කියා සිටියේ මාර්ග රක්ෂිතයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරිමේදී ගැටලු මතුවී ඇති බවයි.
ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකර එම ස්ථානයට ප්‍රවේශය සඳහා මාර්ග රක්ෂිතයේ ඇති ඉදිකිරීම බාධාවක් බවට පැමිණිලි කළහොත් එය ඉවත් කරගත යුතු බවත් මාර්ග රක්ෂිතයේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරිමට නියෝගයක් ලැබුනහොත් එය කිරීමට පසුබට නොවන බවත් ඔහු වැඩිදුරටත් කියාසිටියේය.
කෙසේනමුත් ඒ අවට ජනතාව ප්‍රකාශ කරන්නේ කුඹුරු ඉඩම් ගොඩකරමින් අම්බලන්තොට හා ඒ අවට ප්‍රදේශයන් තුළ නිරන්තරයෙන් සිදුවන ගොඩනැගිලි ඉදිකිරීම් කෙරෙහි අවධානය නිසි අයුරින් අවධානය යොමු නොකර අහිංසක මිනිසුන්ට පමණක් නිලධාරින් නීතිය ක්‍රියාත්මක කරන බවයි.
ඔවුන් වැඩිදුරටත් කියාසිටියේ අදාල කාන්තාවගේ අනවසර වෙළඳසැල ඉවත් කරන්නේනම් නිලධාරීන්ගේ අැස්වලට නොපෙනී මහා පරිමානයෙන් කුඹුරු ඉඩම් ගොඩ කරමින් ඉදිකර තිබෙන ගොඩනැගිලි ද ඉවත් කිරීමට බලධාරීන් ක්‍රියාත්මක විය යුතු බවයි.
ඡායාරූප පහතින්.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS