ජ නතාවගේ බලාපොරොත්තු කිසිවක් බිද වැටීමට රජය ඉඩ නොතබන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. බලයට පත්වූ විගස සියලු පොරොන්දු සහ බ...
ජනතාවගේ බලාපොරොත්තු කිසිවක් බිද වැටීමට රජය ඉඩ නොතබන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.
බලයට පත්වූ විගස සියලු පොරොන්දු සහ බලාපොරොත්තු ඉටුකිරීමට රජයට නොහැකි වුවත් පාලන කාලය තුල ඒ සියල්ල ඉටු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
දුමින්ද දිසානායක මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවකට සහභාගී වු අවස්ථාවේදීයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගේ බෙදී වෙන්ව යාම සම්බන්ධයෙන්ද දුමින්ද දිසානායක මහතා අදහස් දක්වා සිටියා.
ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් පිරිස් පක්ෂය හැරදමා ගියත් කල වැරදි තේරුම් ගිය විට නැවතත් පක්ෂය සමග අත්වැල් බැදගන්නා බවයි.
එසේ පැමිණෙන සියලු දෙනා පක්ෂ මහගෙදරට සාදරයෙන් පිළිගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කලා.

COMMENTS