ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට වසරක කාලයක් සඳහා විදේශගත වීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (20) අව...
ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට වසරක කාලයක් සඳහා විදේශගත වීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (20) අවසර ලබාදුන්නේය.
පාවෙන අවි ගබඩාවක් පවත්වගෙන යාමෙන් ඇවන්ගාර්ඩ් පුද්ගලික සමාගම රජයට රුපියල් බිලියන 11.4ක් පාඩු කළේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අත්හිටුවා තිබිණි.
සුෂුම්නාවේ ආබාධයකට ශල්‍යකර්මයක් සිදුකිරීමට ජර්මනියට යාමට තමාට අවසර දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඒ අනුව ඊට අනුමැතිය ලැබිණි.
කෙසේවෙතත් අල්ලස් හා දුෂණ විමර්ශන ජනපති කොමිසම කියා සිටියේ වසරක් වැනි කාලයකට එසේ අවසරදීම පිළිබඳව දැඩි ලෙස විරුද්ධ වන බවයි.
රුපියල් ලක්ෂ 50 ක අමතර ශරීර ඇප 03ක් මත විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර ඇපකරුවන් ලෙස බිරිඳ හා ඔහුගේ සහෝදරයා හා බිරියගේ සහෝදරයකු අත්සන් කළ යුතු බවටත් නියෝග කළේය.
COMMENTS