අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විකිණීමට දක්ෂයෙකු බවත් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නිර්මාණයට දක්ෂයෙකු බවත...
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විකිණීමට දක්ෂයෙකු බවත් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නිර්මාණයට දක්ෂයෙකු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමිනි.
කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අදහස් දැක්වීමකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අදහස් දැක්වීය.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා," දැන් මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ගත්ත ණය ගැන තමයි කතා කරන්නේ. එදා වරාය හැදුවා. හැදුවේ නැද්ද? එදා හදපු වරායට අද ඩොලර් බිලියන 1.1 ක ලන්සුවක් ඇවිල්ලා තියෙනවා. මම ඒත් බැලුවා අපේ තාත්තා ලෝකේ තියෙන වටිනාම වී ගබඩාව හදලද කියලා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන විදිහට. මතක තියාගන්න මන්ත්‍රීතුමනි, ඔබතුමා කියන්න පුළුවන් වික්‍රමසිංහ මහත්තයා දක්ෂයි කියලා විකුණන්න. හැබැයි මහින්ද මහත්තයා දක්ෂයි මේවා හදන්න" යනුවෙන් කියාසිටියේය.
වීඩියෝව පහතින්.
COMMENTS