දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'පාර්ලිමේන්තු වාර්තාකරණයේ දී ක්‍රමවේදයක් තිබිය යුතුයි' - අගමැති
Homeප්‍රවෘත්ති

'පාර්ලිමේන්තු වාර්තාකරණයේ දී ක්‍රමවේදයක් තිබිය යුතුයි' - අගමැති

PropellerAds

මෙරට පාර්ලිමේන්තු වාර්තාකරණයේ දී සම්ප්‍රදායක්, ක්‍රමවේදයක් තිබිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රමාත්‍යවරයා මේ බව...

‘තේ’ දල්ලේ නොදකින කඳුළු
තම ස්වාමීපුරුෂයට ඇප තැබිම සදහා මංකොල්ලයේ යෙදෙන කතක්!
නීතිපති දෙපාර්තමේන්තුව හෑල්ලූවටලක්කිරීම හෙළාදකිමු..!
'පාර්ලිමේන්තු වාර්තාකරණයේ දී ක්‍රමවේදයක් තිබිය යුතුයි' - අගමැති

මෙරට පාර්ලිමේන්තු වාර්තාකරණයේ දී සම්ප්‍රදායක්, ක්‍රමවේදයක් තිබිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

රජයේ අමාත්‍යවරු කිහිපදෙනෙකු මුදල් නොගෙවා ගුවන් යානා භාවිතා කළ බවට පුවත් පළවී ඇති බවත්, එම පුවත් මඟින් රජය හා අමාත්‍යවරුන් පිළිබඳව වැරදි චිත්‍රයක් පිළිබිඹු වන බවත්,  එය නිවැරදි විය යුතු බවත් මැති ඇමතිවරු කිහිපදෙනෙක් ඊයේ පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාට පැවසුවේය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ වාර්තාවක් පාදක කරගනිමින් පළකර තිබූ මෙම පුවත සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ඉහත කරුණු අවධාරණය කළේය.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ, " රජයේ මැති ඇමැතිවරු ගියේ නැත, කිව්වොත් ඒකත් ප්‍රශ්නයක්. ඔවුන්  ගිහින්  ඉදිරිපත් නොකළොත් ඇයි නොකළේ කියා විමසනවා. මෙතැන තිබෙන ප්‍රශ්නය, එකම වාර්තාව පලවුණේ කොහොමද කියන එකයි. මාධ්‍යයට යම් වගකීමක් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. පාර්ලිමේන්තු වාර්තාකරණයේ දී සම්ප්‍රදායක්, එක් ක්‍රමවේදයක් තිබිය යුතුයි." ලෙසයි.

එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් කථානායක කරූ ජයසූරිය මහතා කියාසිටියේ ඒ පිළිබඳව සොයාබලා අවශ්‍ය පියවර ගන්නා බවයි.

මේ අතර අලුත් ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ව්‍යවස්ථාදයක සම්පාදක සභාව විසින් බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

උතුරේ ප්‍රධාන අමාත්‍යවරයා සිදු කර ඇතැයි කියනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ "යම් යම් ප්‍රකාශ කළාට මේ රටේ ව්‍යවස්ථාවක් තිබෙනවා. අලුත් ව්‍යවස්ථාවක් සකස් කරන එක මේ සභාවේ අප සිදු කරන්නේ. මේ රටේ බහුතර ජනතාවක්,පක්ෂ ඔක්කෝම එකඟවෙලා, ගන්න තියෙන තීරණ අනුවයි ක්‍රියාත්මක වෙන්නේ. අනෙක් අයත් එක එක ප්‍රකාශ කර තිබෙනවා.කෙසේ හෝ දැනට ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වෙනවා.අලුත් ව්‍යවස්ථාවක් ගැන තීරණය කරන්නේ  ව්‍යවස්ථාදයක සම්පාදක සභාවයි.මෙහෙයුම් කමිටු වාර්තාව ඉදිරිපත් කළාමත් එයට පක්ෂ විපක්ෂ අය සිටිවී. අපේ කටයුතු කරගෙන යමු" ලෙසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'පාර්ලිමේන්තු වාර්තාකරණයේ දී ක්‍රමවේදයක් තිබිය යුතුයි' - අගමැති
'පාර්ලිමේන්තු වාර්තාකරණයේ දී ක්‍රමවේදයක් තිබිය යුතුයි' - අගමැති
http://ift.tt/2dTBvjy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_689.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_689.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy