දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නීතිපති දෙපාර්තමේන්තුව හෑල්ලූවටලක්කිරීම හෙළාදකිමු..!
Homeප්‍රවෘත්ති

නීතිපති දෙපාර්තමේන්තුව හෑල්ලූවටලක්කිරීම හෙළාදකිමු..!

PropellerAds

පෙර සිටි පාලකයින් කෙරෙහි වූ ජනතා අප‍්‍රසාදය තියුණු වෙමින් පැවැතියාටත් වඩා වැඩි වේගයකින් යහපාලනයේ ඇතැම් පාර්ශවයන්හි අක්‍රමිකතා සහ දූෂණ සීඝ...

දුමින්දගේ ජනපති සමා ලියුමට විපක්ෂයේ 5කුත් අස්සන් කරයි
ඇමැතිවරු බය වෙලා: තුනෙන් දෙකට වඩා ලක්ෂ 500 බලය වැඩිවෙලා: සමහරු දෙපත් නයි… මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් චෝනා - (video)
මා වඩාත් කැමති ලමා හා කාන්තා කටයුතු ඇමතිකමටයි - ඩයනා ගමගේ
නීතිපති දෙපාර්තමේන්තුව හෑල්ලූවටලක්කිරීම හෙළාදකිමු..!

පෙර සිටි පාලකයින් කෙරෙහි වූ ජනතා අප‍්‍රසාදය තියුණු වෙමින් පැවැතියාටත් වඩා වැඩි වේගයකින් යහපාලනයේ ඇතැම් පාර්ශවයන්හි අක්‍රමිකතා සහ දූෂණ සීඝ‍්‍රයෙන් හෙළිවෙමින් තිබීම මෙයට හේතුවයි.

නව පාලනයේ දින සියය ඉක්මයාමට මත්තෙන් මහබැංකුව හා රටේ ප‍්‍රධාන මර්මස්ථාන පාලනය කරන අධිකාරිය විසින් සිදු කළ බවට හැඟෙන දූෂණ වෙනුවෙන් දැන් දැන් වැඩි කාලයක් මිඩංගු කිරීම හේතුවෙන් පෙර පැවැති රජයේදූෂණ හා අක‍්‍රමිකතා පිළිබඳව නැගුණු චෝදනා යටපත්වන බවක් ද පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය හමුවේ රජයේ නීතිපති දෙපාර්තමේන්තුව සහ පත්කළ කොමිෂන් වල කාර්යයභාරය ද පෙරටත් වඩා ජනතා අවධානය දිනාගන්නට සමත්ව ඇත.

ආසන්න වශයෙන් හෙළිදරව් වූ සහ හෙළිවෙමින් පවතින තවත් දූෂණ හා වංචා රැුසක් හේතුවෙන් යහපාලන රජයේ ම ඇතැම් ප‍්‍රබල පාර්ශව, දූෂිතයින් හා වැරදිකරුවන් බවට සාක්ෂ්‍ය ගණනාවකින් මේ පත්කළ කොමිෂන් හමුවේ හෙළිදරව්වීම කැපීපෙනනෙ ප‍්‍රවණතාවක් ද වෙයි. මෙය ඉවසා දරාගත නොහැකි ඇතැම් කණ්ඩායම් දේශපාලන බොරදියේ මාලූබාන්නට වෙර දරනවා සේ ම, චෝදනාවන්ට ලක්වන පාර්ශවයේ හිතමිතුරන් සේ ම,අන්තේයවාසිකයින් චූදිතයින් ආරක්ෂා කිරීමට විවිධ පියවර ගන්නා බවක්ද දක්නට ලැබීම පිළිකුල් සහගත ය.

මේ අතර, පෙර පැවැති රජයේ අත්තනෝමතිකභාවයන්ට එරෙහිව ස්වාධීන කොමිෂන් සභා පිහිටුවමින් නීතියේ ආධිපත්‍යය හා යුක්තිය පසිඳවනබවට පොරොන්දු වූ යහපාලනයකින්ම ඇතැම් රාජ්‍ය ආයතන කෙරෙහි වෛරය වැපිරීම ඉතා කනගාටුදායකය. වර්තමානයේ මේ ආකාරයට ගැරහුම් ලබන්නේ නීතිපති දෙපාර්තමේන්තුව ය. රටේ වගකිවයුතු ඉහළම රාජ්‍ය ආයතනයක කාර්යයභාරය කෙරෙහි රජයේ ම පාර්ශව පදනම්විරහිත චෝදනා එල්ල කිරීම ම සමස්ත රටට ම බලපාන කලූ පැල්ලමක් එක්කළ හැකි පරිසරයක් නිර්මාණය කරන බව අපගේ විශ්වාසයයි.

විශේෂයෙන් රජයේ ම ඇමැතිවරයෙක්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා ආයතන ව්‍යුහයක් පාර්ලිමේන්තු වරප‍්‍රසාදයන්ට යටත්ව හා ඉන් මෙපිට දීද දැඩි දෝෂයට ලක්කිරීම සැලකිල්ලට ගතයුතු සුවිශේෂී කරුණකි.

කුමන තත්ත්වයක් යටතේ වුවද රාජ්‍ය ව්‍යුහයේ විශේෂිත ආයතන ව්‍යුහයක් කෙරෙහි එම රාජ්‍ය ව්‍යුහයේම කොටස්දූෂිතයින් ආරක්ෂා කිරීම වෙනුවෙන් නිර්දය විවේචන එල්ල කිරීම යහපත් සමාජයක් පතන කිසිදු පුරවැසියෙක්ට අනුමත කළ නො හැකි ය.

මේ අර්ථයෙන් ගත්විට, නීතිපති දෙපාර්තමේන්තුව හෝ ඒ විෂයයභාර ඇමතිවරයා හෝ මෙසේ විවේචනයට බඳුන්වන්නේ දූෂිත චෝදනා එල්ල වූ පාර්ශවයෙන්ම නම් එය වඩාත් කනගාටුදායක ය. ඒ අනුව මේ දෙපාර්ශවය විසින්ම එකී අදාළ ආයතන වෙත යම් බලපෑමක් කරන්නේනම් එය බරපතල තත්ත්වයකි.

තවත් පසෙකින් මින් ගම්‍යවන්නේ මෙකී ආයතන අනියමින් යටපත් කරගැනීමට කුමන හෝ පාර්ශවයක් කටයුතු කරන බවක් හෝ එසේ කටයුතු කරමින් සිටින බවකි. මෙය රටේ දියුණුවට මෙන්ම ජනතා පරමාධිපත්‍ය අයිතීන්ට මරු පහරකි. තවද ලෝතය හමුවේ රට හෑල්ලුවට ලක්කිරීමකි.

එසේ හෙයින් මහජන සභාව ලෙස අපි මේ දුර්මුඛ තත්ත්වය පිළිබඳව අපගේ කනගාටුව ප‍්‍රකාශ කරන අතර, රටේ ජනතාව යහපාලනය නමින් තැබූ විශ්වාසය රැකගනිමින් ලොව හමුවේ නිර්දෝශී රාජ්‍යයක සුජාත බව ප‍්‍රකට කරවන්නට පෙරට එන ලෙස ලෙස පාලක-පාලිත දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටිමු.

මේ වෙනුවෙන් හා යහපත් ප‍්‍රගමණයෙන් යුතු ශ‍්‍රී ලංකාවක් වෙනුවෙන් කැපවන්නට අත්වැල් බැඳගන්නා ලෙස මහජන සභාව සමස්ත රටවැසියන්ගෙන්ම ඉල්ලා සිටී.

මහජන සභාව ජනතා ව්‍යාපාරය

පූජ්‍ය උලපනේ සුමංගල හිමි

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29299,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීතිපති දෙපාර්තමේන්තුව හෑල්ලූවටලක්කිරීම හෙළාදකිමු..!
නීතිපති දෙපාර්තමේන්තුව හෑල්ලූවටලක්කිරීම හෙළාදකිමු..!
http://ift.tt/2vEhhnL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_528.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_528.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy