ඩුබායි ගිණුම ගැන පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා දිනක් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට පැමිණි බවත් ඇය...
ඩුබායි ගිණුම ගැන පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා දිනක් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට පැමිණි බවත් ඇය ගොස් පැයක් විතර යද්දී මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ආ බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අනාවරණය කළේය.
ඔහු මේ බව අනාවරණ කළේ අද(19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය එම පරීක්ෂණ සඳහා සහය වන ලෙසට ඩුබායි වෙත යැවීමට සැකසූ ලිපියක් රැගෙන ජනාධිපතිවරයා හමුවී ඒ සඳහා අවශ්‍ය අත්සන ගැනීම යනාදිය සිදුකරගෙන ගිය බව අමාත්‍යවරයා පැවසීය.
එසේ පිටත්ව ගිය පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ඩුබායි ගිණුම ගැන පරීක්ෂණ කිරීම සඳහා ලිපියකට අත්සන් තැබූවේදැයි විමසීමක් කර ඇතැයිද ඒ බව ජනාධිපතිවරයා තමන්ට පැවසුවේ යැයිද රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම සිද්ධියත් සමග දූෂණ වංචා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල විනිවිධභාවය ගැන ගැටළු මතුවන බවත් ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශයක් මාධ්‍ය විකෘති ලෙස පළකර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
හිටපු ආරක්ෂක ලේකම්වරයා හා හිටපු ත්‍රිවිද හමුදාපතිවරුන් අධිකරණයට ගෙනයාම ගැන ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය මාධ්‍ය මගින් වැරදි ලෙස වාර්තා කර ඇති බවත් විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය පවා එය නිවැරදිව වාර්තාකර නැති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
කෙසේ වුවද පෙර කී ඩුබායි ගිණුමෙන් ඩොලර් මිලියන 500 බැගින් දෙවරකදී ලබාගෙන ඇති බවත් මේවන විට එම ගිණුමේ මුදල් නොමැති බවත් ඒ ගැන පරීක්ෂණ අසාර්ථක වූ බවත් අමාත්‍යවරයා එහිදී අනාවරණය කළේය.
දූෂණ වංචාවලට සම්බන්ධ වූවන්ට නඩු පැවරීමේදී නඩු පවරා ඇත්තේ සුළු සුළු කාරණාවලට බවටද රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
COMMENTS