දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශී‍්‍ර ලංකා - තායිලන්ත ද්වි පාර්ශවික සබදතා නව ප‍්‍රවේශයකට
Homeප්‍රවෘත්ති

ශී‍්‍ර ලංකා - තායිලන්ත ද්වි පාර්ශවික සබදතා නව ප‍්‍රවේශයකට

PropellerAds

ශී‍්‍ර ලංකාවත්, තායිලන්තයත් අතර පවතින ද්වි පාර්ශවික සබදතා සෑම අතින්ම ශක්තිමත් කරමින් නව ප‍්‍රවේශයකට ගෙන එන බව තායිලන්ත අගමැති (Prayut Chan...

"නිසි කාලයට පෙර එජාපයට මැතිවරණයකට යන්න ඕනේ නෑ"
"ජනපති නිසා මහින්දට විපක්ෂනායක ධූරය දරන්න බෑ" - මරික්කාර්ගෙන් චෝදනාවක්
පා.ම.කාංචන විජේසේකර සහ පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස සහ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමිවරුන්ට එන්තරවාසි
ශී‍්‍ර ලංකා - තායිලන්ත ද්වි පාර්ශවික සබදතා නව ප‍්‍රවේශයකට

ශී‍්‍ර ලංකාවත්, තායිලන්තයත් අතර පවතින ද්වි පාර්ශවික සබදතා සෑම අතින්ම ශක්තිමත් කරමින් නව ප‍්‍රවේශයකට ගෙන එන බව තායිලන්ත අගමැති (Prayut Chan-o-cha) මහතා පවසයි.

ආසියානු සහයෝගිතා සංවාද සමුළුවට සභභාගීවීම සදහා තායිලන්තයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා අතර නිල හමුව ඊයේ (08) පස්වරුවේ බැංකොක් නුවර දී පැවැත්වුණු අතර එහිදී තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා සහ එම මැතිණිය විසින් එහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

සුහද කථා බහකින් අනතුරුව නායක දෙපළ අතර ද්වි පාර්ශවික සාකච්ඡුා ආරම්භ කෙරිණි.

ශී‍්‍ර ලංකාවට සැමදා තායිලන්ත රජය ලබාදෙන සහය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා විශේෂයෙන්ම පසුගිය ගංවතුර සහ නායයාම් අවස්ථාවලදී ශී‍්‍ර ලාංකීය ජනතාවට සැපයූ පහසුකම් පිළිබදව ද සිය කෘතවේදීත්වය පළ කළේය.

දෙරට අතර කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සබදතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීම පිළිබදව මෙහිදී නායක දෙපළ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළේය.

බෞද්ධ රටවල් ලෙස ශී‍්‍ර ලංකාව සහ තායිලන්තය අතර සබදතා සෑම අතින්ම ශක්තිමත් කරගත හැකි බව පෙන්වා දුන් තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා දෙරට අතර සංචාරක සබ`දතා වැඩිදියුණු කර ගැනීම පිළිබදව ඉදිරියේදී වැඩපිළිවෙළ රැසක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව සදහන් කළේය.

වංචාව, දුෂණය සහ අක‍්‍රමිකතාවය වැළැක්වීම පිළිබදව ශී‍්‍ර ලංකා රජය ගෙන යන පියවර පැහැදිළි කළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජාතික සංහිදියා පිළිවෙත ශක්තිමත් කිරීමට රජය මේ වන විට ප‍්‍රමුඛතාවය දී කටයුතු කරන බව ද කියා සිටියේය. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම තුළින් ද අපේක්ෂා කරන්නේ සාමය සහ සංහිදියාව තහවුරු වූ නිදහස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් බව ජනාධිපතිවරයා  සදහන් කළේය.

දෙවැනි වරටත් තායිලන්තයට පැමිණිම පිළිබද මෙහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත සිය සතුට පළ කළ තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශී‍්‍ර ලංකාව හොද අනාගතයක් කරා ගමන් කරනු ඇති බවටත් එම ගමනට තායිලන්ත රජයෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බවත් ප‍්‍රකාශ කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශී‍්‍ර ලංකා - තායිලන්ත ද්වි පාර්ශවික සබදතා නව ප‍්‍රවේශයකට
ශී‍්‍ර ලංකා - තායිලන්ත ද්වි පාර්ශවික සබදතා නව ප‍්‍රවේශයකට
http://ift.tt/2dBWKvD
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_498.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_498.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy