වත්මන් රජය ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම අත්සන් කළහොත් ඉන්දීය ධීවරයින්ට වසරකට දින 85ක් උතුරු මුහුදේ කිසිදු අවසරයකින් තොරව මසුන් ඇල්ලීමට අවස්ථ...
වත්මන් රජය ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම අත්සන් කළහොත් ඉන්දීය ධීවරයින්ට වසරකට දින 85ක් උතුරු මුහුදේ කිසිදු අවසරයකින් තොරව මසුන් ඇල්ලීමට අවස්ථාව උදාවෙන බවත් එය උතුරේ ධීවරයින්ට අවාසි සහගත තත්ත්වයක් බවත් එයට උතුරේ ධීවරයින් දැඩි වේ විරුද්ධත්වය පළ කරන බවත් උතුරු ධීවර නායකයින පවසයි.
උතුරු එක්සත් ධීවර සමිති සන්ධානයේ නායක එස්.එමිතියාස් පිල්ලෙයි මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියාසිටියේ, මේ වනවිට එක් මසකට සතියට දින 03 බැගින් ඉන්දියානු ධීවරයින් උතුරු මුහුදේ මසුන් ඇල්ලීම නිසා එක් මසකට රුපියල් කෝටි 20 ක මුදලක් අහිමි වන බවයි.
එසේ ඉන්දීය ධීවරයින් මෙරට මුහුදේ මසුන් ඇල්ලීමෙන් උතුරු ධීවරයින්ට අලාභයක් සිදුවන බව ධීවර අමාත්‍යංශය පිළි නොගන්නා බවද සතියකට දින 3 ක් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 700 සිට 1200 ක් දක්වා ප්‍රමාණයක් උතුරු මුහුදේ අල්ලන මසුන් ප්‍රමාණය දන්නේ උතුරේ ධීවරයින් පමණක් බවත් ඒ මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ උතුරු එක්සත් ධීවර සමිති සන්ධානයේ නායකයා ප්‍රකාශ කළේ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මසුන් ඇල්ලීමට යොදාගන්නා දැල් හේතුවෙන් මුහුදු පතුලේම සිටින මුහුදු කූඩැල්ලාගේ සිට සියලු සාගර සම්පත් විනාශ වන බවයි.
එලෙස ඔවුන් මසුන් ඇල්ලීම නිසා තවත් වසර 05ක් පමණ යනවිට උතුරු ධීවරයින්ට මත්ස්‍ය සම්පතක් ඉතුරු නොවනු ඇති බව ඔහු පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියාසිටියේ," ඉන්දියාව මීට පෙර වසරකට දින 85ක් හරි සතියට දින දෙකක් හරි උතුරු මුහුදේ මසුන් ඇල්ලීමේ යෝජනාව ගෙනාවා. නමුත් උතුරේ වගේම දකුණෙත් සියලු ධීවර සමිති එක්ව නැගූ විරෝධය නිසා ඒ යෝජනාව නැවතුනා. නමුත් දැන් මේ එට්කා ගිවිසුම බලනකොට, ධීවර යෝජනාව පොඩි දෙයක් නිසා ඒක ඉබේටම ඉන්දියාවට ලැබෙනවා. එහෙම වුනොත් උතුරේ ධීවර කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවධානමක් තියෙනවා. ඉන්දියාව කියන්නේ තමන්ට වාසියක් වෙනුවෙන් වැඩ කරන රටක්. ඒ හැරෙන්ට අපේ අවශ්‍යතාවයන් ගැන හිතන රටක් නෙමෙයි. ඒ නිසා වත්මන් බලධාරීන් හෝ මේ ගැන අවධානය යොමු කොට උතුරේ ධීවරයින්ට දැන් හෝ සාධාරණයක් ඉටු කරන්න. " යනුවෙනි.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS