ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බරපතළ වංචා පිළිබඳ කොමිෂන් සභා වාර්තාව ලෙස ප්‍රසිද්ධ කර ඇත්තේ සැබෑ වාර්තාව නොවන බවට මෙන්ම මෙය දේශපාලන උවමනාව...
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බරපතළ වංචා පිළිබඳ කොමිෂන් සභා වාර්තාව ලෙස ප්‍රසිද්ධ කර ඇත්තේ සැබෑ වාර්තාව නොවන බවට මෙන්ම මෙය දේශපාලන උවමනාවෙන් යලි සකසන ලද වාර්තාවක් බවට සාධාරණ සැකයක් තිබෙන බව පිවිතුරු හෙළ උරුමය පවසයි.
ඊයේ (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ගම්මන්පිල මහතා මෙසේ ද කියා සිටියේය.
“ජනාධිපති කොමිසමේ සාමාජිකයින් පස්දෙනාගෙන් හතරදෙනෙකුම පළපුරුදු විනිසුරුවරුන්. විනිසුරුවන් නිගමනයකට එළැඹෙන ක්‍රම වේදයක් අපි නඩු තීන්දු වල දැක තිබෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම නඩු තීන්දුවක මෙන්ම බැඳුම්කර වාර්තාවේත් තමන්ගේ නිගමනයට එළැඹීමට හේතු දක්වනවා. එහි දී නිගමනයට අදාළ සාක්ෂි උපුටා දැක්වීම සිදු කෙරෙනවා. උදාහරණයක් වශයෙන් බැඳුම්කර වාර්තාවේ සිය නිගමනයන්ට එළැඹෙන විට ඒ සදහා පාදක කරගත්ත කාරනා මොනවද කියන එක අදාල තැන්වලින් උපුටා දක්වමින් තමයි ඒ නිගමන වලට එළැඹෙන්නේ. නමුත් මේ විමර්ශන 34න් එකකවත් අදාළ නිගමනයට එළැඹීමට බල පෑ හේතු දක්වා නෑ. අපි දන්නවා උගත් නඩුකාරවරුන් කවදාකවත් සාක්ෂි නොමැතිව නිගමනයන් වලට නිර්දේශවලට නියෝග වලට එළඹෙන්නේ නෑ.”
“අන්න ඒ නිසා තමයි අපි සාධාරණ සැකයක් ඇතිකරගන්නේ මේ තිබෙන්නේ විනිසුරුවරුන් අත්සන් කර බාරදුන් වාර්තාව නොවෙයි ජනාධිපති ලේකම් කාර්යාලයේදී යලි සකසන ලද වාර්තාවක් කියලා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) වගන්තියේ කියනවා යම් තැනැත්තෙකු ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපතිවරයා ලෙස ධූරය දරන අවස්ථාවකදී ඔහු විසින් පෞද්ගලික තත්වයෙහි ලා හෝ නිල තත්වයේ ලා හෝ කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්දයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වා ගෙන යාම හෝ නොකල යුත්තේය.මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනාධිපතිධූරය දැරූ පසුගිය ජනාධිපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනියේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් විකාශනය කළ දැන්වීම් සඳහා මුදල් නොගෙවීමට නිලධාරීන්ට අනුබල දුන්නා කියන දූෂණ චෝදනාව සහ දූෂණයට අනුබල දුන්නා කියන චෝදනාව යටතේ නඩු පැවරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඉඩක් නෑ.”යැයිද ඒ මහතා පැවසීය.
COMMENTS