බැසිල් රාජපක්ෂ මහතා එජාපය සමඟ ආණ්ඩුවක් පිහිටවන්න යන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි. ඒ ඊයේ (29) පැවති ජන හමුව...
බැසිල් රාජපක්ෂ මහතා එජාපය සමඟ ආණ්ඩුවක් පිහිටවන්න යන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
ඒ ඊයේ (29) පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“සමහරක් වෙලාවට ගම වලට ගියාම කියනවා මහින්ද මහත්තයට ජන්දයක් දෙන්න ඕනේ කියලා. මහින්ද මහත්තයට ජන්දයක් දෙන්න ඕනේ කමක් නෑ දුන්නට. එතුමා රටට වැඩක් කරපු කෙනෙක්. හැබැයි දැන් එතුමාට ජන්දයක් දීලා මොකක්ද කොරන්නේ? දැන් මේ ගමේ මේ තියෙන ලයිට් එක පිච්චුනම චමින්දට නොදී මහින්ද මහත්තයාට දුන්නම ඒක හදා ගන්න මහින්ද මහත්තයාට කියන්නද? මේ පාර කැඩුනම ඒක හදන්න චමින්දට කියන්නේ නැතුව මහින්ද මහත්තයට කියන්නද? මම තරම් කැපවෙච්ච මිනිහෙක් නැහැ මේ පක්ෂය එකතු කරන්න. මේගොල්ලෝ අපිට ආණ්ඩුවෙන් එළියට එන්න කියනවා. ඒගොල්ලෝ රෑට රෑට බොරැල්ලේ රනිල් වික්‍රමසිංහත් එක්ක, ජි.එල් පිරිස්ලා, බැසිල් රාජපක්ෂලා ඩිල් දානවා. බැසිල් රාජපක්ෂ පෙබරවාරි 10 වෙනිදායින් පස්සේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩුව හදන්න අද ඩිල් දානවා.”
COMMENTS