දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනතුරු නිවාරණය පිළිබඳ ජාතික සතියක්
Homeප්‍රවෘත්ති

අනතුරු නිවාරණය පිළිබඳ ජාතික සතියක්

PropellerAds

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මාර්ග අනතුරුවලට ලක්ව විපතට පත්වූවන් සැමරීමේ ලෝක දිනයට සමගාමීව ...

ඉෆ්තාර් උත්සවයක් ජනපති ප්‍රධානත්වයෙන්
කෝප් සභාපති පුටුව හදුන්නෙත්තිට
ලිඳුල නාගරික මන්ත්‍රීගේ නිවසින් තවත් ළමයකු හමුවෙයි
අනතුරු නිවාරණය පිළිබඳ ජාතික සතියක්

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මාර්ග අනතුරුවලට ලක්ව විපතට පත්වූවන් සැමරීමේ ලෝක දිනයට සමගාමීව අනතුරු නිවාරණය පිළිබඳ ජාතික සතියක් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ඒ අනුව මාර්ග අනතුරු නිසා විපතට පත්වූවන් සැමරීමේ ලෝක දිනයට සමගාමීව නොවැම්බර් මස 15 සිට 18 වන දින දක්වා අනතුරු නිවාරණය පිළිබඳ ජාතික සතියක් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු වැළැක්වීම පිළිබඳ කේන්ද්‍රීය ඒකකය වන බෝනොවන රෝග අංශය විසින් තීරණය කර ඇත.

එම වැඩසටහනෙහි මාර්ග ආරක්ෂාව හා සුරක්ෂිතතාවය පිළිබඳව යෙදී ඇති දිනය වෙනුවෙන් එනම් නොවම්බර් මස 18 දින මාර්ග අනතුරු නිසා විපතට පත්වූවන් සැමරීමේ ලෝක දිනයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ජාතික උත්සවයක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග අංශය දන්වා සිටී.

ශ‍්‍රී ලංකාව තුළ හදිසි අනතුරු නිසා පීඩාවට පත්වන සහ මියයන සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පවතී. මේ නිසා වාර්ෂිකව මිලියනක් පමණ පුද්ගලයින්ට රෝහල්වල නේවාසික ප‍්‍රතිකාර ගැනීමට සිදු වේ. මාරක සහ දරුණු ගණයේ අනතුරුවලට ප‍්‍රධානතම හේතුව වන්නේ මාර්ග අනතුරුය. වාර්ෂිකව මාර්ග අනතුරු නිසා පුද්ගලයින් 37,000 කට අධික ප‍්‍රමාණයක් විපතට පත්වන අතර, ඒ හේතුවෙන් වාර්ෂිකව 2500කගේ පමණ ජිවිත අහිමි වේ.

2016 වර්ෂය වන විට මෙම මරණ සංඛ්‍යාව 2800ක් දක්වා වර්ධනය වී ඇත. මීට අමතරව බොහෝ පිරිසක් දිර්ඝ කාලීන ආබාධිත තත්ත්වයට පත් වේ. එම පුද්ගලයින්ට ප‍්‍රතිකාර කිරීමට සහ පුනරුත්ථාපනයට ද රජයට අධික වියදමක් දැරීමට සිදු වේ. මාර්ග අනතුරුවලට ගොදුරුවන්නන් අතර බහුතරයක් අවුරුදු 15 - 40 අතර වයස් කාණ්ඩයේ පිරිස් වන අතර, ඔවුන් රටේ ඵලදායී නිෂ්පාදක කණ්ඩායමට අයත් පුද්ගලයින් වෙති. මෙම තත්ත්වය රටේ ආර්ථීකයට ද බලපෑමක් එල්ල කරනු ලබයි.

අධික වේගය, මාර්ග සළකුණු පිළිනොපැදීම, රියදුරන් සහ පදිකයින්ගේ නොසැළකිලිමත්කම, මාර්ග භාවිතයේ දී ජංගම දුරකථන භාවිතය, වාහනවල තත්ත්වය ආදිය මාර්ග අනතුරු සඳහා බලපාන කරුණු වුවද, අනතුරක් සිදු වූ වහාම නිවැරදිව මුලික ප‍්‍රථමධාර නොලැබීම සහ වැරදි ලෙස ප‍්‍රථමාධාර ලැබීම හා ප‍්‍රවාහනය හේතුවෙන් ද රෝගියා මියයාමට හෝ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය උග‍්‍රවීමට බලපානු ලබයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනතුරු නිවාරණය පිළිබඳ ජාතික සතියක්
අනතුරු නිවාරණය පිළිබඳ ජාතික සතියක්
http://ift.tt/2eczrnm
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_348.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_348.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy