නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ තෙවන අදියර මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ...
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ තෙවන අදියර මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
පසුගිය 15 වැනිදා නොරොච්චෝලේ බලාගාරයේ අදියර තුනම සම්පූර්ණයෙන්ම අක්‍රීය වූ අතර මේ හේතුවෙන් දිවයින පුරා විදුලි කප්පාදුවක් ද සිදුවිය.
කෙසේවෙතත් පසුගිය 18 වැනිදා බලාගාරයේ දෙවන අදියර ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීමට හැකි වූ අතර මේ හේතුවෙන් කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට විදුලිබල මණ්ඩලය පියවර ගන්නා ලදී.
ඒ සමඟ නොරොච්චෝලේ තාපවිදුලි බලාගාරයේ තෙවන අදියර ද මේ වන විට යථා තත්ත්වයට පත්කිරීමට හැකි වීමත් සමඟ නොරොච්‍චෝලේ බලාගාරයෙන් මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක්වන අතර ඒ හේතුවෙන් කිසිඳු කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට හැකි වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS