උතුරේ මහ ඇමතිවරයා ඇතුළු කණ්ඩායම දකුණේ සිටින ජාතිවාදීන්ට ඔක්ෂිජන් ලබාදෙන ආකාරයේ ප්‍රකාශ කිරීමට පටන්ගෙන ඇති බවත් එනිසා දකුණේ සිටින ජාතිවාදීන...
උතුරේ මහ ඇමතිවරයා ඇතුළු කණ්ඩායම දකුණේ සිටින ජාතිවාදීන්ට ඔක්ෂිජන් ලබාදෙන ආකාරයේ ප්‍රකාශ කිරීමට පටන්ගෙන ඇති බවත් එනිසා දකුණේ සිටින ජාතිවාදීන් තව තවත් ක්‍රියාකාරී වන බවත් ධීවර අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ (25) සවස තංගල්ල, දෙබොක්කාව මහා විද්‍යාලයට අවශ්‍යව තිබු තාක්ෂණ විද්‍යාගාරයකට සහ නව දෙමහල් ගොඩනැගිල්ලකට මුල්ගල තැබීමේ අවස්ථාවටකට එක්වෙමිනි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා,"මම අහගෙන උතුරේ විග්නේශ්වරම් මහ ඇමතිවරයා ඉතා බරපතල ප්‍රකාශ කරන්න පටන්ගෙන තියෙනවා. නමුත් ද්‍රවිඩ සන්ධානය පක්ෂයක් විදියට සිංහල ජනතාව ප්‍රකෝප නොවෙන ආකාරයට තම තමන්ගේ බලතල බෙදාගැනීම පිළිබඳව ඉතාමත් හොද සාකච්ඡාවකට ඉදිරිපත් වෙලා තියෙනවා. අපි පැහැදිලිවම කියනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මේ රජය මෙරට කිසිසේත් බෙදෙන්න ඉඩ දෙන්නෙත් නෑ. මේරටේ නැවත ත්‍රස්ත්‍රවාදයක් ඇතිවෙන්න ඉඩ දෙන්නෙත් නෑ. ඒ වගේම මෙරටේ ඉන්න සියලු ජාතින්, සියලු ආගම්වලට අසාධාරණයක් වෙන්න ඉඩ දෙන්නේ නැතිව ශ්‍රී ලාංකීය ජාතියක් විදියට මේ රට දියුණු කරන්න සියලු කටයුතු කරන බව අපි ඉතා පැහැදිලිවම කියනවා'' යනුවෙන් කියාසිටියේය.
පළාත් සභා මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තම රජයට මැතිවරණය කල්දැමීමට කිසිම උවමනාවක් නැති බවත් මුළු රටම මැතිවරණ ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කරන බවත්ය.
වැඩිදුරටත් ඒ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා,"මේ තියෙන මනාප ඡන්ද ක්‍රමය එපා කියලා කියනවා. එකට ක්‍රමවේදය හැදුවේ පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව කාලේ එක ඉවර කරගන්න බැරි වුනා. එකේ එකේ අඩුපාඩු තිබුනා. ඒවා නිවැරදි කරන්න තමයි දැන් මේ කාලේ යන්නේ. ඒ නිසා සමහරු කියනවා මේ මැතිවරණ කල් දානවයි කියලා. කිසිදු මැතිවරණයක් කල්දාන්න අපිට අවශ්‍ය නෑ. ඒ වගේම මේ වැඩසටහන අවසාන වූ විගස මැතිවරණයක් තමයි අපේ අපේක්ෂාව. ප්‍රජාතන්ත්‍රවාදයට පිටින් යන්න මේ රජය කටයුතු කරන්නේ නෑ. ඒ නිසා සියලු මැතිවරණ කලට වේලාවට තියලා ඕනෑම පක්ෂයකට ඒ විදියට ප්‍රජාතන්ත්‍රවාදීව තරඟ කරන්න දීම මේ රජයේ වැඩපිළිවෙලක් බව මම කියන්න කැමතියි '' යි පැවසීය.
ඡායාරූප පහතින්.
හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
COMMENTS