දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජය සහ ඖෂධ සමාගම් අතර එකඟතා - රජයේ ප‍්‍රතිපත්තිමය තීන්දුව ඉදිරියටම
Homeප්‍රවෘත්ති

රජය සහ ඖෂධ සමාගම් අතර එකඟතා - රජයේ ප‍්‍රතිපත්තිමය තීන්දුව ඉදිරියටම

PropellerAds

රටේ පොදු මහ ජනතාවගේ දීර්ඝ කාලීන හඬක් වූ ඖෂධ පනත සම්මත කරමින් රජය ගත් ප‍්‍රතිපත්තිමය තීන්දුව ඉදිරියටම කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මෛතී‍්‍ර...

වාහන වෙළෙන්දෝ 40%ක් බංකොලොත්: ලීසිං වාහන හොරාට උකස් ගන්නා තැනක් මාට්ටු
ගිලා බැස්ස ගොඩනැගිල්ලේ සිරවුනු මාස එකහමරේ බිලිදා මිය යයි..
මහනුවර තට්ටු පහක ගොඩනැගිල්ලක් ගිලා බසී.. සිරවූ පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් අරඹයි… [Video]
රජය සහ ඖෂධ සමාගම් අතර එකඟතා - රජයේ ප‍්‍රතිපත්තිමය තීන්දුව ඉදිරියටම

රටේ පොදු මහ ජනතාවගේ දීර්ඝ කාලීන හඬක් වූ ඖෂධ පනත සම්මත කරමින් රජය ගත් ප‍්‍රතිපත්තිමය තීන්දුව ඉදිරියටම කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

රජය සහ ඖෂධ සමාගම් අතර ඇති කරගන්නා වු එකඟතාවයන් තුළින් එහි පවතින සියලූ අඩු පාඩු මඟ හරවා ගැනීමට හැකිවනු ඇති බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේ ගම්පහ සණස සුව සෙවණ සය මහල් ගොඩනැඟිල්ල ගම්පහ මහ රෝහලට පරිත්‍යාග කරමින් විවෘත කිරීමේ උත්සවයට ඊයේ (29) පෙරවරුවේ එක් වෙමිනි.

ඖෂධ ප‍්‍රතිපත්තියක් පිළිබඳ රට තුළ දීර්ඝ කාලීන හඬක් පැවතිය ද එහි ප‍්‍රතිඵලය නිසි ලෙස ජනතාවට ලබාදුන්නේ වත්මන් රජය බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ඉහළ ගුණාත්මකභාවයෙන් සහ උසස් ප‍්‍රමිතියෙන් යුත් මෙන්ම පහසු මිලට ඖෂධ ලබා ගැනීමට මේ තුළින් ජනතාවට අවස්ථාව ලැබෙන අතර ඊට අදාළ ආයතනික ව්‍යුහය සහ නීති රීති මේ වන විට සම්පාදනය කරමින් සිටින බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

රුපියල් මිලියන 106 ක් වැය කරමින් සියලූ පහසුකම්වලින් සමන්විතව මෙම රෝහල් ගොඩනැඟිලි ඉදිකර තිබෙන අතර එය ගම්පහ රෝහල වෙත පවරාදීමේ සන්නස් පත‍්‍රය සණස ගම්පහ දිස්ති‍්‍රක් සභාපති නීතිඥ ලලිත් ජයසූරිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාරදුන් අතර ජනාධිපතිවරයා එය ගම්පහ රෝහල් අධ්‍යක්ෂ පි‍්‍රයන්ත තෙන්නකෝන් මහතා වෙත භාර දෙනු ලැබීය.

ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා පරිත්‍යාග සිදු කළ අයට සිහිවටන තිළිණ ප‍්‍රදානය ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

ගම්පහ මහ රෝහලේ ගැබිනි වාට්ටු සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරතවූ ජනාධිපතිවරයා ගැබිණි මව්වරුන්ට පෝෂ්‍යදායී ආහාර බෙදාදීමට ද එක් විය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, අමාත්‍ය ජෝන් අමරතුංග නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ඩුලීප් විජේසේකර, ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මාන්නම්පෙරුම යන මහත්වරුන් ඇතුළු බස්නාහිර පළාත් සභාවේ මැති ඇමතිවරු රැසක් ද, සණස නායක ආචාර්ය පී.ඒ. කිරිවන්දෙනිය මහතා ඇතුළු සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජය සහ ඖෂධ සමාගම් අතර එකඟතා - රජයේ ප‍්‍රතිපත්තිමය තීන්දුව ඉදිරියටම
රජය සහ ඖෂධ සමාගම් අතර එකඟතා - රජයේ ප‍්‍රතිපත්තිමය තීන්දුව ඉදිරියටම
http://ift.tt/2e95Tt6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_274.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_274.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy