දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හින්දු භක්තිකයින් වෙනුවෙන් 'සිව සේනා' නමින් සංවිධානයක්
Homeප්‍රවෘත්ති

හින්දු භක්තිකයින් වෙනුවෙන් 'සිව සේනා' නමින් සංවිධානයක්

PropellerAds

මෙරට සිටින හින්දු භක්තිකයින්ගේ ආගමික අයිතීන් සුරැකීම උදෙසා හින්දු භක්තික කණ්ඩායම් කිහිපයක් එක්වී 'සිව සේනා' (Siva Senai) නමින් සංව...

වැනීසියේ තල්මසෙක්!
ශිරන්ති අද CID කැඳවයි - යෝෂිත හෙට.
වියළි කාලගුණය නිසා ප්‍රධාන ජලාශවල සිදීයයි!
හින්දු භක්තිකයින් වෙනුවෙන් 'සිව සේනා' නමින් සංවිධානයක්

මෙරට සිටින හින්දු භක්තිකයින්ගේ ආගමික අයිතීන් සුරැකීම උදෙසා හින්දු භක්තික කණ්ඩායම් කිහිපයක් එක්වී 'සිව සේනා' (Siva Senai) නමින් සංවිධානයක් පිහිටුවාගෙන තිබේ.

ඒ, පසුගිය දිනක වව්නියාවේදී පැවැත්වූ විශේෂ උත්සවයකදීය.

එහි ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරන මරවපුලව සචිතානන්දන් නමැති පුද්ගලයි විසින් ඒ පිළිබඳව ඉන්දීය මාධ්‍ය වෙත අනාවරණයක් කර තිබේ.

ඔහු පවසා ඇත්තේ ලාංකාවේ ක්‍රියාත්මක වන ඇතැම් ආගමික සංවිධානවලින් හින්දු ආගමිකයින්ගේ අයිතිවාසිකම්වලට බලපෑම් එල්ල වී ඇති බවයි.

මේ හේතුවෙන් එම ජනතාවගේ ආගමික අයිතීන් සුරක්ෂිත කිරීම උදෙසා මෙය පිහිටුවා ගත් බව ඔහු පවසා ඇත.

'සිව සේනා' නමින් ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂයේ සෘජූ සම්බන්ධයක් මෙයට නැතැයිද එහෙත් ඔවුන්ගේ සහය මේ සඳහා ලැබෙන බවද ඔහු එහිදී පවසා තිබේ.

කෙසේ වුවද මෙය ආරම්භ කිරීමට පෙර එම පක්ෂයේ උපදෙස් මෙන්ම,  (VHP) Vishva Hindu Parishad, ඉන්දීය දක්ෂිණාංශික දේශපාලන පක්ෂයක්, (RSS) Rashtriya Swayamsevak Sangh ඉන්දීය හිංදු ජාතික සංවිධානයක්, Bharatiya Janata Party භාරතීය ජනතා පක්ෂය නැමැති ආගමික හා දේශපාලන පක්ෂවල උපදෙස් ලැබුණු බවද ඔහු සඳහන් කර ඇත.

මේ වන විට සිව සේනා සංවිධානය මූලික අදියරේ කටයුතුවල නිරත වන බව ද ශ්‍රී ලංකාවේ දිස්ත්‍රීක්ක 25හේම සිටින හින්දු ආගමික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් එම සංවිධානය කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර මේ ගැන අදහස් දක්වමින් ද්‍රවිඩ සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසා ඇත්තේ ආගම දේශපාලන කටයුතුවලට ඈඳා ගැනීමත්, දේශපාලන කටයුතු ආගමට ඈඳා ගැනීමටත් තමා විරුද්ධ බවයි.

ඉන්දියාවේ සිව සේනා පක්ෂයේ කටයුතු ගැනද හොඳක් කිව නොහැකි බවද ඒ ගැන කළ විමසීමකදී  මන්ත්‍රීවරයා පවසා ඇත.

මේ අතර සිව සේනා සංවිධානයේ ප්‍රධානියෙකුගෙන් කළ  විමසීමකදී ඔහු පවසා ඇත්තේ සිව සේනා නමින් වෙනත් රටවල ශාඛා ඇති බවක් තමන් නොදන්නා බවයි.

ඒ අනූව ශ්‍රී ලංකාවේ එවැන්නක් ක්‍රියාත්මක කිරීමට හෝ ආරම්භ කිරීමට කිසිදු අවසරයක් සිව සේනා පක්ෂයෙන් ලබාගෙන නැතැයිද හෙතෙම අවධාරණය කර ඇත.

කෙසේ වුවද ඉන්දීය පාර්ලිමේන්තුවේ සිව සේනා පක්ෂය නියෝජනය කරන රාජ්‍ය සභා මන්ත්‍රීවරයෙකු වන සංජේ රවුට් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙමළ පිරිසක් සිව සේනෙයි නමින් ඒකකයක් පිහිටුවා ඇති බවයි.

ඔවුන්‍ තමිල්නාඩුවේ සිව සේනා ඒකකය සමග සහයෝගයෙන් වැඩකරනු ඇති බවද ඔහු සඳහන් කොට තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හින්දු භක්තිකයින් වෙනුවෙන් 'සිව සේනා' නමින් සංවිධානයක්
හින්දු භක්තිකයින් වෙනුවෙන් 'සිව සේනා' නමින් සංවිධානයක්
http://ift.tt/2dOiNPR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_240.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_240.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy