වැනීසියේ ඇළ මාර්ග ඔස්සේ සැබවින්ම තල්මසුන් ඇදී ගියා ද? නැතිනම් මෙය හුදු ඕපාදූපයක් පමණක් ද? මේ වන විට හෙළි වී තිබෙන්නේ මේ සියලු ඡායාරූප “ඩි...
වැනීසියේ ඇළ මාර්ග ඔස්සේ සැබවින්ම තල්මසුන් ඇදී ගියා ද? නැතිනම් මෙය හුදු ඕපාදූපයක් පමණක් ද? මේ වන විට හෙළි වී තිබෙන්නේ මේ සියලු ඡායාරූප “ඩිජිටලි මැනිපියුලේට්” හෙවත් ඩිජිටල්කරණය විසින් වෙනස් කළ ඒවා බවයි. නමුත් ඒ ඡායාරූවල තිබෙන සජීවී බවම, එම නිර්මාණකරුගේ නිර්මාණශීලීත්වය පිළිබඳ ද කතා නොකර සිටීමට නොහැකි වේ. ඒ තරමට ඒවා ස්වභාවික ය.
මේ සියලු ඡායාරූප, රොබට් ජෑන්ස් ගේ නිර්මාණයන් ය. ඉන්ටර්ග්‍රෑමයේ ඔහු පෙනී සිටින්නේ Noris 7 යන නමෙනි. සරල බසින් කියනවා නම් ඔහු ෆොටෝෂොප් කලාවේ කෙළ පැමිණි අයෙකි. පසුගිය දිනෙක අති දැවැන්ත ජල කඳකින් වැසී යන ඩුබායි රාජ්‍යයේ ඡායාරූපයක් පළ කර අන්තර්ජාලයේ මහා කුණාටුවක් මවා තිබුණේ ද ඔහු විසිනි.
අමාලි ජයවීර
COMMENTS