ඒ අනුව මධ්‍යම කදුකරයේ ප්‍රධාන විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ පහේ ජල ධාරිතාව සියයට තිස්පහට වඩා අඩු මට්ටමක පවතී. රන්දෙණිගල ජලාශයේ සක්‍රීය ජල ධ...
ඒ අනුව මධ්‍යම කදුකරයේ ප්‍රධාන විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ පහේ ජල ධාරිතාව සියයට තිස්පහට වඩා අඩු මට්ටමක පවතී.
රන්දෙණිගල ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සමස්ථ ජල ධාරිතාවයෙන් සියයට අට දක්වා අඩු වී ඇති අතර වික්ටෝරියා ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සියයට 18කි. රන්ටැඹේ ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සමස්ථ ජල ධාරිතාවයෙන් 17%ක් වන අතර කොත්මලේ ජල ධාරිතාව 36%කි. මහවැලි ජලාශ පද්ධතියට අයත් බෝවතැන්න ජලාශයේ ජල ධාරිතාව 63%කි.
පවතින වියළි කාලගුණය හේතුවෙන් සමනොළවැව, උඩවලව යන ජලාශ පද්ධතිවල ජල ධාරිතාවද පහළ මට්ටමකට බැස තිබේ.
වාරි මාර්ග පද්ධතියට අයත් කන්ඩලම, කලාවැව, රාජාංගණය, නාච්චදූව, නුවරවැව, තිසාවැව,හුරුළුවැව, ගිරිතලේ, මින්නේරිය, කන්තලේ,වෙන්ඩ්‍රාසන්, කවුඩුල්ල, පරාක්‍රම සමුද්‍රය යන ජලාශවල ද ජල මට්ටම් පහළ බැස ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දත්ත සදහන් කරයි.
නදීක දයා බණ්ඩාර - මහනුවර
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=WI25wbBuNNc&feature=youtu.be[/youtube]
COMMENTS