හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවා ඇත. අද (27) ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවා ඇත.
අද (27) උදෑසන 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඇයට දැනුම්දී තිබේ.
'සිරිලිය සවිය' පදනමට රතු කුරුස සංවිධානය මගින් ලබාදී තිබූ ජීප් රථයක් යෝෂිත රාජපක්‍ෂ මහතාගේ පරිහරණයට ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙම කැඳවීම සිදුකර තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ද හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් කර තිබේ.
කැඳවීමේ ලිපිය මෙන්න,
තාජුඩීන් ඝාතනය:
තාජුඩීන් ඝාතනය සඳහා පැහැර ගැනීමට ආ වාහනය රතු කුරුස සංවිධානය විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මියට පරිත්‍යාග කළ එකක් බවත් ඒ වන විට වාහනය තිබුනේ ශිරන්ති රාජපක්ෂ භාරයේ බවත් මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණ.
තජුඩීන් ඝාතනය සාමාන්‍ය රිය අනතුරක් ලෙස යට ගැසීමට ක්‍රියා කළ බවට චෝදනා එල්ලවූ හිටපු ජ්‍යෙ.නි.පොලිස්පති අනුර සේනානායක වසරකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවූ අතර පසුගියදා ඇප මත නිදහස් කෙරිණ.
ඊට පෙර අධිකරණයේ දී ප්‍රකාශයක් කළ අනුර සේනානායක කියා සිටියේ තජුඩීන්ගේ සැබෑ ඝාතකයන් නිදැල්ලේ සිටින බවයි.
COMMENTS