ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය 2016 වසරට සාපෙක්ෂව 320%කින් ඉහළ දැමූ, අධ්‍යාපන වැය ශිර්ෂය 57.6%කින් කපා දැමූ විසර්ජන පනත් කෙටුම්පතක් 2017 වසර සඳ...
ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය 2016 වසරට සාපෙක්ෂව 320%කින් ඉහළ දැමූ, අධ්‍යාපන වැය ශිර්ෂය 57.6%කින් කපා දැමූ විසර්ජන පනත් කෙටුම්පතක් 2017 වසර සඳහා ඉදිරිපත් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.
ගැසට්කර ඇති 2017 විසර්ජන පනත් කෙටුම්පත කෙරෙහි මාධ්‍යයේ අවධානය යොමුකරවමින් ඒ මහතා අද(11) එම පක්‍ෂයේ පිටකෝට්ටේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.
“රාජ්‍ය අමාත්‍යවරයකු වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසා තිබුණා ‘පළාත් පාලන ඡන්දය 2017 ජුනි මාසය දක්වා කල් යා හැකියි‘ කියලා . දැනටමත් මේ ඡන්දය කල් දමා මාස 20ක් ගෙවි ගොස් තිබෙනවා. 2017 ජුනි මාසය වන විට එම කාලය මාස 30 දක්වා එනම් වසර දෙකහමාර දක්වා ඉහළ යනවා. පළාත් පාලන ඡන්දය වසර දෙකහමාරකින් කල් දැමීම, මේ ආණ්ඩුව පුනරුච්චාරණය කරන යහපාලනයට හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගැලපෙන්නේ නැහැ. පළාත් පාලන ආයතන විසුරුවා හැරලා ඒවා නිලධාරිතන්ත‍්‍රයක පාලනයට යටකොට තිබෙනවා. මාස 20ක් තිස්සේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් නැහැ. මහජන නියෝජිතයන් නිලධාරිතන්ත‍්‍රයකට වඩා මහජනයාට සමීපයි
මහින්ද රාජපක්ෂ පාලන සමයේදි ඉතා සුළු වශයෙන් හෝ මැතිවරණ නීතී උල්ලංඝනය සිදු වුනොත් රටටම ඇහෙන්න හඬ තලපු අය හිටියා. එක් කෙනෙක් තමයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහත්තයා. අනෙක් කෙනා තමයි කැෆේ සංවිධානයේ කීර්ති තෙන්නකෝන් මහත්තයා. මේ අය යහපාලන පුරුෂාර්ථ ගැන මහ ඉහළින් කථා කරපු අය. ඔවුන් අද හාවක් හූවක් නැහැ.“ යැයිද ඔහු පෙන්වා දුන්නේය.
“2017 ‘අය-වැය‘ හෙවත් 2017 විසර්ජන පනත් කෙටුම්පත මේ වන විට ගැසට් කොට තිබෙනවා. ඊට කලින් 2016 අය-වැය ගැනත් වචනයක් කියන්න ඕනෙ. 2016 අය-වැය වැඩිම වාර ගණනක් සංශෝධනය වූ අය-වැය බවට පත් වූවා. ඒ නිසා අපි මේ අවුරුද්දේදීවත් බලාපොරොත්තු වුණා, ‘ආණ්ඩුව 2017 වසර සඳහා ‘පචවැලක්‘ වෙනුවට අය-වැයක් ඉදිරිපත් කරයි කියලා. නමුත් මෙවර ඉදිරිපත්කර ඇති විසර්ජන පනත් කෙටුම්පත දෙස අවධානය යොමු කරද්දී අපට පෙනෙන්නේ මෙවරත් ඉදිරිපත්ව ඇත්තේ පචවැලක් බවයි .
2014 5.7%ක්ව පැවැති අය-වැය හිඟය 2015 4.4%ක් දක්වා අඩු කරන බව තමයි මේ ආණ්ඩුව ප‍්‍රකාශ කළේ. නමුත් එය 7.4%ක් දකවා ඉහළ ගියා. ඒ වගේම 2014 දි 6%ට ඉහළ අගයක තිබු ආර්ථික වර්ධන වේගය 2016 දෙවැනි කාර්තුව වන විට 2.5%ක් දක්වා පහත වැටී තිබෙනවා. ඒ තමයි මේ ආණ්ඩුවේ ඉන්නවා කියපු ආර්ථික ඔස්තාර්ලාගේ කෙරුවාව.
‘2016 වසර සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%කටත් වඩා වැඩි අගයක් අපි අධ්‍යාපනයට වෙන් කළා‘ කියලා මේ ආණ්ඩුව පම්පෝරි ගැහුවා. පාසල් පද්ධතිය සතු ගොඩනැගිලිවල, ක‍්‍රීඩාපිටිවල ඉඩකඩම්වල වටිනාකම් එකතු කරලා මහා වංචාවක් කරලයි මේ අය එදා එහෙම 6%ක් පෙන්නුවේ. එහෙම කරලා අධ්‍යාපනයට 2016 වසර සඳහා බිලියන 185.9 වෙන් කළා කිව්වානේ. නමුත් මේ ඉදිරිපත් කර ඇති විසර්ජන පනත් කෙටුම්පත අනුව ඒ බිලියන 185.9න් 57.6%ක් කපා හැරලා තිබෙනවා. අපට මතකයි මේ ආණ්ඩුව බලයට ගෙන එන්න පාර කපපු බොරු ගොතපු නිර්මාල් රංජිත් දේවසිරි වැනි මහත්වරු රාජපක්‍ෂ පාලන සමයේ අධ්‍යාපනයට 6%ක් ඉල්ලලා පාගමන් ගියා අපි අහන්න කැමතියි ‘ ගිය අවුරුද්දේ පෙන්වපු බොරු ගණන්වලිනුත් 57.6%ක් කපා හැරලා 05/2015 චක‍්‍රලේඛයෙන් පාසල් නඩත්තුව සඳහා සෑම පාසල් ශිෂ්‍යයකුගෙන්ම මුදල් අය කරද්දී ඔය මහත්වරු දැන් නිදිද?‘ කියලා.“ යැයි ද මුසම්මිල් මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS